නවතම පුවත්

විදුලි වැටලීම්වලින් ලංවිමට හත්කෝටියක ආදායමක්

අසංක

අසංක

නීතිවිරෝධී විදුලිය ගැනීම්වලට අදාළව පසුගිය 2022 වසරේ රට පුරා කළ වැටලීම්වලින් ලංකා විදුලිබල මණ්ඩලය රුපියල් හත් කෝටි පනස් ලක්ෂයකට අධික අදායමක් ලබා ඇති බව ලංකා විදුලිබල මණ්ඩලය අද(24) නිවේදනය කළේය.

ලංකා විදුලිබල මණ්ඩලයේ ආයතනික ක්‍රමෝපාය අතිරේක සාමාන්‍යාධිකාරී ඉංජිනේරු.කේ.ඒ.කේ.කොලොන්නෙ මහතාගේ අත්සනින් නිකුත් කළ නිවේදනයක මේ බව සඳහන් වේ. අදාළ නිවේදනය මෙසේය.

2022 වර්ෂයේ ලංකා විදුලිබල මණ්ඩලයේ විමර්ශන කටයුතුවල ප්‍රගතිය
2022 වර්ෂය තුළ ලංකා විදුලිබල මණ්ඩලයේ විශේෂ විමර්ශන ඒකකය දිවයින පුරා සිදුකල නීති විරෝධී විදුලිය ලබාගැනීම් වලට අදාල වැටලීම් වල ප්‍රගතිය පිළිබඳ වාර්තා කර තිබේ.
ඒ අනුව විදුලි මීටර (Meter Cases) ආශ්‍රිතව සිදුකල වැටලීම් 1,114 කින් උසාවි ගාස්තු හා ලංකා විදුලිබල මණ්ඩලයට සිදුකල පාඩුව වෙනුවෙන් රුපියල් 72,393,474.80 ක මුදලක් ද, විදුලි රැහැන් වලට කොකු ගසා විදුලිය ලබා ගැනීම් (Hook Cases) ආශ්‍රිතව සිදුකල වැටලීම් 188 කින් උසාවි ගාස්තු හා ලංකා විදුලිබල මණ්ඩලයට සිදුකල පාඩුව වෙනුවෙන් රුපියල් 2,687,177.77 ක මුදලක් ද ඇතුළුව මුළු මුදල ලෙස රුපියල් 75,080,652.57 ක් අයකර ගැනීමට සමත් වී ඇත.
ලංකා විදුලිබල මණ්ඩලයේ විශේෂ විමර්ශන ඒකකය විදුලි වංචා මැඩලීම සඳහා ඉදිරියටත්, දිගින් දිගටම විමර්ශන කටයුතු කරගෙන යන අතර කෙසේ වුවද; රටේ ආර්ථිකයට සෘජුවම බලපාන විදුලිය අරපිරිමැස්මෙන් පාවිච්චි කරන ලෙසත්, එම විදුලිය නෛතික රාමුවෙන් තොරව ලබා නොගන්නා ලෙසත් අපගේ පාරිභෝගික ජනතාවගෙන් ඉතා ගෞරවයෙන් ඉල්ලා සිටිමු.යැයි අදාළ නිවේදනයේ සඳහන් වේ.

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්