පැය 06කට පසුව සමස්ත දිවයිනේම විදුලි බල සැපයුම යථා තත්ත්වයට පත් කළ බව විදුලි බල මණ්ඩලය සඳහන් කර ඇත
ප්‍රධාන සම්ප්‍රේෂණ මාර්ගයේ සිදුවූ හදිසි බිඳ වැටීමක් හේතුවෙන් අද පෙරවරු 11.30ට පමණ මුළු දිවයිනේම විදුලි බලය බිඳ වැටීමකට ලක්විය .
අනුරාධපුර, හබරණ, ලක්ෂපාන, අතුරුගිරිය, කොත්මලේ, කටුනායක, බියගම සම්ප්‍රේෂණ මාර්ගවල විදුලි සැපයුම මේ වන විට යථා තත්ත්වයට පත්කර ඇති බව විදුලිබල මණ්ඩලයේ සාමානාධිකාරී එම්.ආර් රණතුංග පවසයි .
ප්‍රධාන සම්ප්‍රේෂණ පද්ධතියේ හදිසි බිඳ වැටීමක් නිසා සිදුවූ දිවයින පුරා විදුලි බිඳ වැටීම නැවත යථා තත්ත්වයට පත් කිරිමට අවශ්‍ය සියලු කටයුතු ගෙන ඇති බවයි විදුලිබල මණ්ඩලයේ සාමාන්‍යාධිකාරීවරයා පැවසුවේ.
අකුරට වැඩ කිරීමේ වෘත්තීය සමිති ක්‍රියාමාර්ගය තාවකාලික අත්හිටුවීමට තීරණය කළ බව ලංකා විදුලිබල මණ්ඩලයේ විදුලි ඉංජිනේරු වෘත්තීය සමිතිය සඳහන් කර සිටියි.