නවතම පුවත්

විදුහල්පතිවරු- පළාත් අධ්‍යක්ෂවරු චක්‍රලේඛයෙන් පිට පනී

අසංක

අසංක

දිවයිනේ ඇතැම් පාසල්වල විදුහල්පතිවරුන්, අධ්‍යාපන අමාත්‍යාංශය නිකුත් කළ චක්‍රලේඛවලට පටහැනිව ක්‍රියාකරමින් සිටින බව එම අමාත්‍යංශය චෝදනා කර සිටී.

එසේම, පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂවරුන් මේ වනවිට ,අධ්‍යාපන අමාත්‍යාංශ චක්‍රලේඛවලට පරිබාහිරව වෙනත් චක්‍රලේඛ නිකුත් කර ඇති බවද අමාත්‍යංශය පෙන්වාදේ.

මේ අනුව ඉදිරියේදී ගැටලු ඇති නොවන ආකාරයෙන් කටයුතු කරන ලෙස දන්වා සියලු පළාත් ආණ්ඩුකාරවරුන්ට ලිපි යොමු අධ්‍යාපන අමාත්‍යාංශය මේ වනවිට පියවර ගෙන ඇත.

ඇතැම් විදුහල්පතිවරුන්, හිතු මනාපයට ගුරුවරුන් සේවයට කැඳවා ඇති බවත් එය ඉදිරියේදී ක්‍රියාත්මක කිරීමට ඉඩ නොදෙන බවත් අමාත්‍යංශය අවධාරණය කර සිටී.

පාසල් තුළ පිරිස් ඒකරාශී වීම අවම කිරීමේ අරමුණින්, ගුරුවරුන් පාසල් වලට පැමිණීම සම්බන්ධයෙන් අධ්‍යාපන අමාත්‍යංශය මේ වන විට උපදෙස් මාලාවක් ලබාදී ඇති අතර ඒ අනුව දැනට පාසල්වලට පැමිණිය යුත්තේ, පන්ති කාලසටහන් ලබා දී ඇති සහ කළමනාකරණ, පරිපාලන, විනය හා සෞඛ්‍ය ආදී වෙනත් වගකීම් පවරා ඇති ගුරුවරුන් පමණි.

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්