විදෙස්ගතව පැමිණෙන්නන්ගේ නිරෝධායන කාලය දිගු කෙරේ

Picture of පැතුම් වික්‍රමරත්න

පැතුම් වික්‍රමරත්න

විදේශගතව සිට මෙරටට පැමිණෙන පුද්ගලයින්ගේ නිරෝධායන කාල සීමාව වෙනස් කිරීමට රජය  තීරණය කර ඇත.

ඒ අනුව මිට පෙර විදේශ ගතව සිට පැමිණෙන පුද්ගලයින්ගේ නිරෝධායන කාල සීමාව දින 07ක් ලෙස දක්වා තිබුනද එය දින 14ක් දක්වා දීර්ඝ කිරීමට තීරණය කර ඇති බව යුද හමුදාපති ජනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා මාධ්‍ය වෙත  සඳහන් කර සිටියේය .

මේ වන විට ව්‍යාප්තවන කොවිඩ් ප්‍රභේදයන් හි රෝග ලක්ෂණ පෙන්නුම් කිරීමට දින 14ක කාලයක් ගතවන බවට වෛද්‍යවරුන් සඳහන් කර ඇති නිසා මෙම තීරණය ගෙන ඇති බව යුද හමුදාපතිවරයා පැවසීය