විදෙස්ගත ශ්‍රමිකයන්ගෙන් ලැබෙන ආදායම පහළට

Picture of අසංක

අසංක

පැතුම් වික්‍රමරත්න

විදෙස්ගත ශ්‍රමිකයින්ගෙන් මෙරටට ලැබෙන මුදල් ප්‍රමාණය පසුගිය වසර අවසානයේදී සියයට 13කින් කැපී පෙනෙන ලෙස අඩුවී ඇත.

ඒ අනුව 2018දෙසැම්බර් මාසයේ දී විදේශ සේවා නියුක්තිකයන්ගේ ප්‍රේෂණ , එක්සත් ජනපද ඩොලර් මිලියන 584 ක් දක්වාඅඩුවී තිබු බව
ශ්‍රී ලංකා මහබැංකුව නිකුත් කල නවතම වාර්තාවක දැක්වේ.

එසේම විදේශ සේවා නියුක්තිකයන්ගේ ප්‍රේෂණ සමස්තයක් ලෙස 2017 වසරේ දී ඩොලර් මිලියන 7,164ට අගයක් ගත් නමුදු 2018 වසරේ දී එය ඩොලර් මිලියන 7,015 ක් දක්වා සියයට 2.1කින් පහළ ගොස් ඇත.