විදෙස්ගත ශ්‍රී ලාංකික ශ්‍රමිකයින් මෙරටට එවන විනිමය ප්‍රමාණය 2019 වසරට සාපේක්ෂව 2021 වසර වනවිට 14% කින් පමණ පහත බසිනු ඇතැයි ලෝක බැංකුව අනාවැකි පළකර ඇත.
කෝවිඩ්-19 වසංගත තත්වය හේතුවෙන් මෙම ආර්ථික අර්බුදය මතුවනු ඇති බවත් ඒ අනුව ශ්‍රී ලංකාවට මේ වසරේදී ලැබිය යුතු විදේශ විනිමය ප්‍රමාණයද 9% කින් පහත බසිනු ඇති බව ලෝක බැංකුව සඳහන් කර ඇත
කොවිඩ් 19 වසංගතය හේතුවෙන්, මේ වසරේ මෙරටට ලැබිය යුතු විදේශ විනිමය 14.6% කින් අඩුවීමේ හැකියාවක් ඇති බව ශ්‍රී ලංකා මහ බැංකුවද සඳහන් කර තිබේ.
විදෙස්ගත ශ්‍රී ලාංකික ශ්‍රමිකයින් මෙරටට එවු විනිමය ප්‍රමාණයේ වර්ධනයක් දක්නට ලැබුන ද ෆිච් ශ්‍රේණිගත කිරීම්හි ඇස්තමේන්තු කර ඇත්තේ එය වාර්ෂිකව 12% කින් පමණ පහත වැටෙනු ඇති බවය.