නවතම පුවත්

විදෙස්ගත ශ්‍රමිකයින්ගෙන් මෙරටට ලැබෙන මුදල් ප්‍රමාණය තවදුරටත් පහත වැටේ !

පැතුම් වික්‍රමරත්න

පැතුම් වික්‍රමරත්න

ශ්‍රී ලංකාවට විදේශ විනිමය ගලාඑන ප්‍රධානතම මූලාශ්‍රයක් වන විදෙස්ගත ශ්‍රමිකයින්ගෙන් ලැබෙන ප්‍රේෂණ පසුගිය 2021 නොවැම්බර් මාසයේ දී තවදුරටත් පහළ ගොස් ඇත .

ශ්‍රී ලංකා මහ බැංකුවේ දත්තවලට අනුව 2021 නොවැම්බර් මාසයේ දී විදෙස්ගත ශ්‍රමිකයින්ගෙන් ලද ප්‍රේෂණවල වටිනාකම ඩොලර් මිලියන 271.4 ක් වේ.

මෙය පසුගිය 2020 වසරේ නොවැම්බර් මාසයේ දී ලද ප්‍රේෂණවල වටිනාකම වූ ‌ඩොලර් මිලියන 611.7 හා සැසඳීමේ දී 55.6% ක පහළ යාමකි.

මේ අතර 2021 වසරේ මුල් මාස 11 තුළ දී ලැබී ඇති ප්‍රේෂණවල සමස්ත වටිනාකම ඩොලර් මිලියන 5,166.3 ක් වන අතර එය 2020 වසරේ පළමු මාස 11 අදාළ වටිනාකම වූ ඩොලර් මිලියන 6,291.2 හා සැසඳීමේ දී 17.9% ක පහළ යාමක් වේ.

2021 ඔක්තෝබර් මාසයේ දී මෙම අගය ඩොලර් මිලියන 317.4 ක් වූ අතර එය 2020 ඔක්තෝබර් මාසයේ අගය වූ ඩොලර් මිලියන 630.7 ට වඩා 49.6% ක අඩුවීමකි.

prathibha
ප්‍රතිපත්තිමය වෙනස්කම් සඳහා පුරවැසි සංවිධාන ශක්තිමත්විය යුතුයි - ප්‍රතිභා මහානාමහේවා
image
DIGIECON ගෝලීය ආයෝජන සමුළුව, හරහා මෙරටට නව ආයෝජන රැසක් !
debt
රටේ ණය බර තවත් ඉහළට !
DiscoverHeat1
මේ උණුසුම අවදානම් !
How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා