යළි මෙරටට පැමිණිමේ අපේක්ෂාවෙන් සිටින සියලූ විදේශ ගත ශ්‍රී ලාංකිකයින් එළඹෙන අගෝස්තු 01 වෙනිදාට පෙර මෙරටට ගෙන්වා ගැනීමට රජය සැලසුම් කර ඇත.
එම විදෙස් ගත ශ්‍රී ලාංකිකයින් සියලුදෙනා එලෙස මෙරටට ගෙන්වා ගැනීම අවසන් වන තුරු කටුනායක ගුවන් තොටුපල සංචාරකයින්ට විවෘත නොකිරීම කෙරෙහිද රජය අවධානය යොමුව ඇත.
කෙසේ වෙතත් එළඹෙන අගෝස්තු 01 දිනට පෙර ගුවන්තොටුපල සංචාරකයින්ට විවෘත කිරීමද සිදුකල හැකිවනු ඇතැයි රජය විශ්වාසය පළකර සිටී .
සංචාරකයන් සඳහා ගුවන්තොටුපල විවෘත කිරීමෙන් පසු මෙරට කණ්ඩායම් ලෙස සංචාරකයන් ගෙන්වීමට අවධානය යොමුකර ඇති බවත් ,එලෙස පැමිණෙන සියලූම සංචාරකයන් අනිවාර්යෙන්ම පී.සී.ආර් පරීක්ෂාවකට ලක්විය යුතු බවත් ආමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා මාධ්‍ය වෙත අද පැවසීය