නවතම පුවත්

විදෙස් ආයෝජන නිසා කොටස් මිල ඉහළට !

පැතුම් වික්‍රමරත්න

පැතුම් වික්‍රමරත්න

කොළඹ කොටස් වෙළඳපොළ ගනුදෙනු අවසානයේ ඊයේ දින , සියලු කොටස් මිල දර්ශකය ඒකක 152.05 (1.61% ) කින් ඉහළ ගොස් ඒකක 9,599.32 ලෙසින් වාර්තා විය.

මේ අතර S&P SL20 දර්ශකය ඒකක 51.06 කින් හෙවත් 1.69% කින් ඉහළ ගොස් දිනයේ ගනුදෙනු අවසානයේ දී ඒකක 3,069.03 ක් ලෙසින් දැක්වුණි.

අද දින සමස්ත ගනුදෙනු පිරිවැටුම රු. බිලියන 4.95 ක් ලෙසින් සටහන් විය. එහිදී රු. බිලියන 4.11 ක් දේශීය මිල දී ගැනීම් ලෙසත්, රු. බිලියන 4.51 ක් දේශීය විකිණුම් ලෙසත් වාර්තා වූ අතර රු. මිලියන 839.78 ක් විදේශීය මිල දී ගැනීම් හා රු. මිලියන 439.94 ක් විදේශීය විකිණුම් ලෙසින් වාර්තා විය.

මේ අනුව අද දිනයේ දී රු. මිලියන 399.84 ක ශුද්ධ විදේශීය මිල දී ගැනීම් ප්‍රමාණයක් වාර්තා වී ඇති අතර ඊයේ දිනයේ දී රු. බිලියන 2.29 ක ශුද්ධ විදේශීය මිල දී ගැනීම් ප්‍රමාණයක් සටහන්ව තිබුණි.

දිනය තුළ සියලු කොටස් මිල දර්ශකයේ ඉහළ යාම සඳහා සමාගම් 133 ක් ධනාත්මක දායකත්වයක් ලබා දී තිබූ අතර රිචඩ් පීරිස් සහ සමාගම, රෝයල් සෙරමික්ස් ලංකා, එක්ස්පෝ ලංකා හෝල්ඩිංග්ස් සහ සිලෝන් කෝල්ඩ් ස්ටෝර්ස් යන සමාගම් මෙලෙස සියලු කොටස් මිල දර්ශකයේ වර්ධනයට ඉහළ දායකත්වයක් ලබා දුන් සමාගම් අතර කැපී පෙනුනි.

image-51
බොලිවුඩ් ජයගත් ජැක්ලීන් හොලිවුඩයට !
image-49
ප්‍රභාකරන්ගේ දියණිය AI තාක්ෂණයෙන් ව්‍යාජව මතුවේ !
image-48
පිළිකා එන්නතෙනුත් කෝටි 11ක් වංචා කරලා !
image-47
රැඩිකල් ආර්ථික ප්‍රතිව්‍යුහගතකිරීමක් !
1111-2
විදේශ සේවාවෙන් මහා භාණ්ඩාගාරයට රුපියල් බිලියන 7ක්!
occ
‍IMF දෙවැනි වාරිකයට අවශ්‍ය ණය සහතිකයට එකඟතාව ලැබෙයි
economy sri lanka
ණයහිමියන්ගෙන් ශ්‍රී ලංකාවට සහනයක්
deshabandu thennakoon
වැඩබලන පොලිස්පති දේශබන්දු තෙන්නකෝන්
Ranil_Wickremesinghe
ශ්‍රී ලංකාව 'හරිත ආර්ථිකයක්' කරා !
image-45
ලන්දේසීන් පැහැරගත් කෞතුක භාණ්ඩ යළි මෙරටට ගෙනේ !