නවතම පුවත්

‘විදෙස් කිරිපිටි හොඳ නෑ’ – ජනපති

අසංක

අසංක

‘සති දෙකකින් මම මේ රටේ කසිප්පු සංහාරයක් පටන් ගන්නවා’ යැයි ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා පවසයි.
දෙහිඅත්තකණ්ඩියේදී පැවැති ජන හමුවකදී ජනාධිපතිවරයා මේ බව පවසා තිබේ.

එහිදී ජනාධිපතිවරයා වැඩිදුරටත් මෙසේ ද කියා සිටියේ ය.

‘ආනයනික කිරිපිටි භාවිතයට සුදුසු නෑ. අපේ රටේ කිරි නිෂ්පාදනය වැඩිදියුණු කරන්න ඔ්නෑ. මම මගේ මේ ඇ`ගිලිවලින් කිරි දොවලා තියෙනවා අපේ ගෙදර ඒ කාලේ හිටිය එළදෙනගෙන්. අපේ රටේ කිරි භාවිතයට ගත යුතුයි. මෙරට දියර කිරි නිෂ්පාදනය ඉහළ නැංවීම වෙනුවෙන් වේගවත් වැඩපිළිවෙලක් අවශ්‍යයි. ගොවියා ණය බරින් මුදා ගැනීම, ඔවුන්ගේ පවුල්වල ජීවන තත්ත්වය උසස් කිරීම සහ ගොවි පරපුරට යහපත් සමාජ පිළිගැනීමක් ඇති කිරීම අවශ්‍යයි. මම දැක්කා පාර්ලිමේන්තුවේදී ආනයනික කිරිපිටි ගැන කතාකරලා තිබුණා. මම දැක්කා සෞඛ්‍ය ඇමතිතුමාත් විදේශීය කිරිපිටිවලට සහතිකයක් දීලා තිබුණා.මම සෞඛ්‍ය ඇමතිවෙලා හිටිය කාලේ මම ඔය එක විදේශීය කිරිපිටි සමාගමක්වත් ගෙදරට වද්දගත්තේ නෑ. මාත් එක්ක ඔය බහුජාතික සමාගම් තරහවෙයි. මාත් එක්ක මත්කුඩු ජාවාරම්කාරයෝ තරහයි, බෙහෙත් සමාගම්කාරයෝ තරහයි. කසිප්පුකාරයෝ තරහයි. මම තව සති දෙකකින් මේ රටේ කසිප්පු සංහාරයත් පටන් ගන්නවා.’

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්