නවතම පුවත්

විදෙස් ණය ගෙවීම අත්හිටුවයි !

පැතුම් වික්‍රමරත්න

පැතුම් වික්‍රමරත්න

ශ්‍රී ලංකාව ගෙවීමට ඇති ඩොලර් බිලියන 51 ක බාහිර ණය මුදල පියවීම තාවකාලිකව අත් හිට වූ බව මුදල් අමාත්‍යංශය අද (12) නිවේදනය කළේය.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් විසඳුමක් ලැබෙන තෙක් ශ්‍රී ලංකාව ණය පියවීම තාවකාලිකව අත් හිටුවන බවත් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් විසඳුමක් ලැබුණු පසු ශ්‍රී ලංකාවට ණය ලබා දුන් සියලුම රටවල් සහ සමාගම් සමග එකඟතාවයකට පැමිණීමට සාකච්ඡා කරන බවත් එම නිවේදනයේ සඳහන් වේ.

ෙම් දක්වා ශ්‍රී ලංකාව ලබා ගෙන ඇති ණය මුදල් සම්බන්ධයෙන් මෙය බලාත්මක වන අතර අලුත් ණය ලබා ගැනීම් සඳහා මෙය බලාත්මක නොවන බව මුදල් අමාත්‍යංශය ප්‍රකාශ කළේය. ණය මුදල් ගෙවන ආකාරය නැවත ප්‍රතිව්‍යුහගත කරන තෙක් ණය ලබාදුන් සියලුම රටවල් සහ සමාගම් වලට ණය පියවීම අත් හිටුවා ඇති කාල සීමාව සඳහා එම රටවල් සහ සමාගම් ශ්‍රී ලංකාව සමග එළඹි ගිවිසුම් ප්‍රකාරව පොලිය අය කර ගැනීමට හැකියාව තිබෙන බව එම නිවේදනයේ සටහන් වේ.

ශ්‍රී ලංකාවට ණය ලබා දී ඇති සමාගමක් හෝ රාජ්‍යයක් ණය අත් හිටවූ කාල සීමාව තුළ ගෙවීමට ඇති හිග මුදල් ශ්‍රී ලංකා රුපියල් වලින් ලබා ගැනීමට කැමැත්ත තිබේ නම් ඒ සඳහා අවකාශ තිබෙන බව එම නිවේදනයේ සඳහන් වේ.

විදෙස් මාධ්‍ය මෙම නිවේදනයට පුළුල් ආවරණයක් ලබා දී තිබූ අතර ශ්‍රී ලංකාව විදේශ ණය ගෙවීම අත් හිටවා ඇති බවත් මෙය ශ්‍රී ලංකාව සතු අවසන් විසඳුම බවත් වාර්තා කළේය.

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්