නවතම පුවත්

විදෙස් රටවලින් මෙරටට පැමිණෙන සියළුදෙනා දෙන14ක් නිරෝධායනය වීම අනිවාර්යයි !

පැතුම් වික්‍රමරත්න

පැතුම් වික්‍රමරත්න

විදේශගතව සිට මෙරටට පැමිණෙන සියලු පුද්ගලයින් දින 14ක කාලයක් නිරෝධායනයේ යෙදීම අනිවාර්ය කරමින් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂක ජනරාල්වරයා විසින් විශේෂ චක්‍රලේඛයක් නිකුත් කර ඇත

රටේ පවතින වත්මන් කොවිඩ් තත්ත්වය සැලකිල්ලට ගනිමින් මැයි මස 31 වෙනිදා දක්වා විදේශගතව සිට පැමිණෙන සියලු පුද්ගලයින්ගේ නිරෝධායන කාල සීමාව වෙනස් කරමින් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂක ජනරාල්වරයා විසින් මෙම විශේෂ නියෝගයක් නිකුත් කර තිබෙ.

ඒ අනුව මෙරටට පැමිණෙන ශ්‍රී ලංකික පුරවැසියන්, විදේශිකයින්, රාජතාන්ත්‍රික නිලධාරින් දින 14 ක නිරෝධායන කාල සිමාවට යටත් වන බව එම චක්‍රලේඛයේ සඳහන්ව ඇත.

එමෙන්ම යම් හෙයකින් මෙලෙස පැමිණෙන පුද්ගලයින් කොවිඩ් ආසාදිතයෙක් ගේ සමීප ආශ්‍රිතයෙක් බවට හඳුනා ගනු ලැබුවහොත් නිරෝධායන කාල සීමාව දීර්ඝ කෙරෙන බව නව උපදෙස් මාලාවේ සඳහන්ව ඇත .

විදේශගතව සිට පැමිණෙන වයස අවුරුදු 02 ට අඩු දරුවන්ව PCR පරීක්ෂණයට ලක් නොකරන බව එහි දැක්වෙ.

මේ අතර කොවිඩ් මර්ධන එන්නත් 02කම ලබාගෙන සිටින පුද්ගලයින්වද දින 14ක කාලයක් නිරෝධායනයට ලක් වීම අනිවාර්ය වනු ඇති බවද සෞඛ්‍ය අමාත්‍යාංශය සඳහන් කර සිටි.

debt
රටේ ණය බර තවත් ඉහළට !
DiscoverHeat1
මේ උණුසුම අවදානම් !
How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි