විදෙස් රැකියාවලට හරියන වෘත්තිය පාඨමාලා අරඹන්න අගමැති උපදෙස්

Picture of Roshan

Roshan


අසංක නවරත්න

විදේශ රැකියාවලට සරිලන ලෙස වෘත්තීය පාඨමාලා ආරම්භ කරන්නැයි අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා උපදෙස් දී තිබේ. තරුණ තරුණියන් වැඩි පිරිසකට විදේශ රැකියා අවස්ථා ලබාදීම පිළිබද පැවති විශේෂ සාකච්ඡෘවකට එක්වෙමින් අග්‍රාමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කර ඇත.

වෘත්තිය මට්ටමේ විදේශ රැකියා අවස්ථා  ලබාදීම මෙන්ම පාසල් අධ්‍යාපනය හැරයන තරුණ තරුණියන් පුහුණු ශ්‍රමිකයන් ලෙස විදේශ රැකියා සදහා යොමු කිරීම කෙරෙහි ද මෙහිදී අවධානය යොමු වී ඇත.

නිපුණතා සහිත එහෙත් සහතිකයක් නොමැති පිරිස කෙටිකාලීන පුහුණවක් තුළින් විදේශ රැකියා සදහා යොමු කිරීම පිළිබදවද සාකච්ඡා වී ඇත.

විදේශ රැකියා වෙළෙදපොල සහ තරුණ  ප්‍රජාව සම්බන්ධ කළ හැකි ක්‍රමවේදයක් නිර්මාණය පිළිබදව ද අග්‍රාමාත්‍යවරයා කරුණු පැහැදිලි කර අතර දැනට  රැකියා ඇබෑර්තු පවතින රටවල් සහ ක්ෂේත්‍රයන් පිළිබද රාජ්‍ය අමාත්‍ය ප්‍රියංකර ජයරත්න මහතා අග්‍රාමාත්‍යවරයා දැනුවත් කර තිබේ.