විදෙස් රැකියා සඳහා යන ශ්‍රමිකයින්ට කොවිඩ් එන්නත ලබාදේ !

Picture of පැතුම් වික්‍රමරත්න

පැතුම් වික්‍රමරත්න

විදෙස් රැකියා සඳහා දිවයිනෙන් පිටත්ව යන ශ්‍රමිකයින්ට කඩිනමින් කොවිඩ් මර්දන එන්නත ලබාදීමට රජය කටයුතු යොදා ඇත .
විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ මාධ්‍ය ප්‍රකාශක මංගල රන්දෙණිය මහතා සඳහන් කළේ , පසුගිය දා පැවති කොවිඩ් මර්දන කමිටුවේදී ඒ සඳහා අනුමැතිය හිමි වූ බවය.

ඒ අනුව විදෙස්ගත වීමට අපේක්ෂා කරන ශ්‍රමිකයින්ට අදාළ රට විසින් නිර්දේශ කරන එන්නත් ලබා දීමට කටයුතු කරන බව , ඔහු ප්‍රකාශ කළේ ය.

කෙසේ වෙතත් මේ වන විට මෙරට තුළ සයිනෝෆාම් එන්නත ඇති බැවින් එම එන්නත අනුමත කරන රටවල් සඳහා පුද්ගලයින් පිටත් කර හැරීමට වැඩි අවධානයක් යොමු කර ඇතැයි ද මංගල රන්දෙණිය මහතා වැඩිදුරටත් ප්‍රකාශ කළේ ය.