විදෙස් ශ්‍රමිකයන් මැයි මාසෙට ඩොලර් මිලියන 544 ක් එවයි

Picture of අසංක

අසංක

(රමේෂ් වරල්ලෙගම)

විදේශගත ශ්‍රමිකයින් මැයි මාසයේදී ඩොලර් මිලියන 544.4 ක් මෙරටට එවා ඇති බව කම්කරු හා විදේශ රැකියා අමාත්‍යාංශය සඳහන් කරයි.

ඒ අනුව 2024 වර්ෂය තුළ පමණක් විදේශගත ශ්‍රමිකයන් මෙරටට එවා ඇති මුදල අමෙරිකානු ඩොලර් බිලියන 2.624 කි.

කම්කරු හා විදේශ රැකියා අමාත්‍ය මනුෂ නානායක්කාර මහතා අමාත්‍යාංශය භාරගත් දිනයේ සිට විදේශගත ශ්‍රමිකයන් අමෙරිකානු ඩොලර් බිලියන 11.3 ක් මෙරටට එවා ඇති බව එම අමාත්‍යාංශ තොරතුරුවල සඳහන්‍ වේ.