විදෙස් සංචාරකයින්ට ජෛව ආරක්ෂක බුබුළු ක්‍රමවේදය යටතේ මෙරට තුල සංචාරය කිරීමට අවසර

Picture of පැතුම් වික්‍රමරත්න

පැතුම් වික්‍රමරත්න

දිවයිනට පැමිණ සිටින විදෙස් සංචාරකයින්ට සෞඛ්‍ය මාර්ගෝපදේශ අනුව ජෛව ආරක්ෂක බුබුළු ක්‍රමවේදය යටතේ රට තුල සංචාරය කිරිමට අවස්ථාව හිමි වන බව සංචාරක සංවර්ධන අධිකාරිය ප්‍රකාශ කර සිටී

එම අධිකාරියේ අධ්‍යක්ෂ ජනරාල් ධම්මිකා විජේසිංහ පෙන්වා දෙන්නේ මේ සම්බන්ධයෙන් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා සහ පොලිස්පතිවරයා දැනුවත් කර ඇති බවය.

ඒ අනුව සංචාරක බුබුළු ක්‍රමවේදය යටතේ සංචාරකයින් රැගෙන යාමේදී සෞඛ්‍ය මාර්ගෝපදේශ නිසි ලෙස අනුගමනය කිරීමට කටයුතු කරන ලෙස ඊට අදාළ ආයතන ඇතුළු පාර්ශ්ව වෙත උපදෙස් ලබාදී ඇති බව අධ්‍යක්ෂ ජනරාල්වරිය මාධ්‍ය වෙත පැවසුවාය.

එලෙස කටයුතු නොකරන පුද්ගලයින් සහ ආයතන සම්බන්ධයෙන් දැඩි ක්‍රියාමාර්ග ගන්නා බව ද ඇය මෙහිදී පෙන්වා දුන්නාය.