මෙම වසරේ ගතවූ කාලය තුළ සංචාරකයින්ගේ පැමිණීම ලක්ෂය ඉක්මවා ගොස් ඇති බව සංචාරක අමාත්‍යංශය පවසයි.
ඒ අනුව, පසුගිය (28) දිනය වන විට සංචාරකයින් 101,872 දෙනෙකු මෙරටට පැමිණ ඇති බව එම අමාත්‍යංශය සඳහන් කළේය.
වැඩිම සංචාරකයින් පිරිසක් ඉන්දියාවෙන් පැමිණ තිබේ.
රුසියාව, එක්සත් රාජධානිය, පාකිස්තානය, ජර්මනිය, මාලදිවයින, ප්‍රංශය, අමෙරිකාව, කැනඩාව සහ ඔස්ට්‍රේලියාව යන රටවලින් ද සංචාරකයින් වැඩිවශයෙන් පැමිණ ඇත.