නවතම පුවත්

ලබන මාර්තුවේදී රට තුල බලශක්ති අර්බුදයක් !

පැතුම් වික්‍රමරත්න

පැතුම් වික්‍රමරත්න

එක්සත් ජාතික පක්ෂ නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී රනිල් වික්‍රමසිංහ මහතා ඊයේ දින පාර්ලිමේන්තුවේදී  ප්‍රකාශ කළේ ලබන වසරේ මාර්තු වනවිට ආහාර හිඟයක් සමඟ බලශක්ති හිඟයකට මුහුණදීමට සිදුවන බවයි.

එක්සත් ජාතික පක්ෂ නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී රනිල් වික්‍රමසිංහ මහතා මෙහිදී වැඩිදුරටත් මෙසේද පැවසීය

“කතා කරන අපිට එක තොරතුරක් ලබා ගන්න ඕනේ මේ විවාදයට ඉස්සෙල්ලා. සිකුරාදා හැන්දෑව වෙනකොට මේ රටේ තියන විදේශ විනිමය තත්ත්වය. මුදල් ටිකත් ඩොලර්වලින් ඒ වගේම රත්‍රන් ටිකත් ඩොලර් වලින් අපිට දෙනවා නම්, මොකද ඕක කොහොමටත් දැන් එවලා තියෙනවා වොෂින්ටන් වලට IMF එකට යවන්න තියෙනවා. මොකද අපිට තියෙන විදේශ විනිමය තත්ත්වය උඩ තමයි අපට තියෙන බලශක්තිය ගැන තීරණය කරන්න තියෙන්නේ. විදේශ විනිමය අඩු වුණොත් විදුලි කප්පාදු සිදුවේවි. කමන් නෑ අපිට එකට මූණ දෙන්න වෙනවා. දැනට විදේශ විනිමය සංචිතය තියෙන්නේ බිලියන එකහමාරයි. ඒ බිලියන එකහාමාරෙන් 300ක් රත්‍රන් වලින්. එහෙනං අපේ අතට තියෙන්නේ බිලියන 1.2යි. මහ බැංකුව කියනවා නම් ඒක නෑ කියලා ඒක බොරුවක් “

 

කෙසේ වෙතත් මීට පිළිතුරු දුන් බල ශක්ති අමාත්‍ය උදය ගම්මන්පිල මහතා මෙසේ පැවසීය

“සාමාන්‍ය තත්ත්වයක් යටතේ එහෙම වෙන්න ඉඩ තිබුණා. නමුත් අපි ගිය 15වනදා සපුගස්කන්ද පිරිපහදුව වහන විටත් දැවි තෙල් මෙට්‍රික් ටොන් 79,000ක් අපේ තෙල් ටැංකිවල තිබුණා. ඒ කියන්නේ වැස්ස නතර වුණාට පස්සෙත් තව දින 40කට පමණ ආසන්න කාලයක් විදුලිය ජනනයට භාවිත කිරීම සඳහා ප්‍රමාණවත් දැවි තෙල් මේ මොහොතේ අප සතුව තිබෙනවා. ඒ නිසා ඉන්ධන හිඟයක් නිසා විදුලි බල කැපීමක් සිදු වෙන්න කිසිසේත්ම හේතුවක් නෑ.”

“අපේ මාසිකව මේ දිනවල අපනයන ආදායම ඩොලර් මිලියන 1,000ක් වෙනවා. ආනයන වියදම ඩොලර් මිලියන 1,300ක් විතර. අපිට සිද්ධ වෙලා තියෙනවා අපනයන ආදායමට සරිලන ආකාරයට ආනයන වියදම කළමනාකරණය කරද්දි ප්‍රමුඛතාවය දෙන්න. අපේ ප්‍රමුඛතා අංක එකේ තියෙන්නේ බෙහෙත් සහ සෞඛ්‍ය උපකරණ. දෙවැනියට තියෙන්නේ ඉන්ධන. මේ දක්වා ඩොලර් හිඟයක් තියෙනවා කියලා ඉන්ධන ආනයනය සම්බන්ධයෙන් තියෙන කිසිම ණයවර ලිපියක් විවෘත්ත නොකර ඉදලා නෑ.”

 

debt
රටේ ණය බර තවත් ඉහළට !
DiscoverHeat1
මේ උණුසුම අවදානම් !
How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි