විදේශීය හිමිකාරීත්වය සහිත සමාගම් ශ්රී ලංකාවේ සංස්ථාපනය කිරීම තාවකාලිකව අත්හිටුවා ඇති බව සමාගම් රෙජිස්ට්රාර් දෙපාර්තමේන්තුව නිවේදනය කර සිටී.
මේ අනුව නැවත දැනුම් දෙන තුරු මෙම සමාගම් මෙරට සංස්ථාපනය නොකෙරෙනු ඇති බවද එ එම දෙපාර්තමේන්තු නිල වෙබ් අඩවියේ නිවේදනය කර ඇත.
කෙසේ වෙතත් ආයෝජන මණ්ඩල අනුමත සමාගම් සඳහා මෙම තීරණයෙහි බලපෑමක් නොමැති බව අදාළ නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වේ.
මේ පිළිබඳ වැඩිදුර තොරතුරු සමාගම් රෙජිස්ට්රාර් දෙපාර්තමේන්තුවේ සංස්ථාපන අංශයට අදාළ පහත අංකයෙන් ලබාගත හැක.
0112689208/09 – EXT 245, DIRECT 0112689616