නවතම පුවත්

අන්තවාදී අදහස්වලින් නොමග ගිය තරුණයන් ගලවාගැනීමේ වැඩපිළිවෙළක්

අසංක

අසංක

අන්තවාදී අදහස් හේතුවෙන් නොමගගිය තරුණ තරුණියන් එම අදහස්වලින් ඈත් කිරීමේ අරමුණින් නව වැඩපිළිවෙළක් නිසි බලධාරියෙකු යටතේ ක්‍රියාත්මක කරන බව ආරක්ෂක ලේකම්වරයා අවධාරණය කරයි.

එම තරුණ තරුණියන් පුනරුත්ථාපනය කර නැවත සමාජගත කිරීමට කටයුතු කරන බවද ශ්‍රී ලංකාවේ බ්‍රිතාන්‍ය මහ කොමසාරිස් සාරා හල්ටන්ගේ නායකත්වයෙන් යුත් එරට නියෝජිත කණ්ඩායමක් සමඟ පවතී

සාකච්ජාවකදී ආරක්ෂක ලේකම් මේජර් ජෙනරාල් කමල් ගුණරත්න මහතා සඳහන් කර ඇත.

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ නායකත්වය යටතේ පාස්කු ප්‍රහාරය වැනි සිදුවීමක් මෙරට තුළ නැවත සිදුනොවනු ඇති බවද ආරක්ෂක ලේකම්වරයා මෙහිදී සඳහන් කර ඇත.

ආරක්ෂක ලේකම්වරයා වශයෙන් ජාතික ආරක්ෂාව සහ මහජන ආරක්ෂාව සහතික කිරීමේ අති විශාල වගකීමක් තමන් මත ඇති බවත්, ඒ සඳහා අවශ්‍ය පියවර ගැනීම සම්බන්ධයෙන් කිසිම පැකිලීමක් ඇති කර නොගන්නා බවත් ඔහු මෙහිදී සඳහන්කර ඇත.

වඩා හොඳ සම්බන්ධීකරණයක් හා ක්‍රියාකාරීත්වයක් සඳහා සියලු බුද්ධි අංශ එක අරමුණකට රැගෙන විත් ඇති බවද මෙහිදී ඔහු සඳහන් කර ඇත.

ත්‍රස්තවාදයට එරෙහිව සටන් කිරීම සඳහා හමුදා බුද්ධි තොරතුරු, තාක්‍ෂණය සහ විශේෂඥ දැනුම බෙදාහදා ගැනීමට මෙන්ම මත්ද්‍රව්‍ය හා මත්ද්‍රව්‍ය ජාවාරම් වලට එරෙහිව සටනේදී එක්සත් රාජධානියේ සහාය මෙහිදී ආරක්ෂක ලේකම්වරයා ඉල්ලා සිට ඇත.

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්