මෙරටට පැමිණෙන විදේශීය සංචාරකයින්ගෙන් දිවයිනේ විවිධ ප්‍රදේශවල ඇතැම් ත්‍රීරෝද රථ රියදුරන් අසාධාරණ ලෙස මුදල් අයකරන බවට වාර්තා වනවා.
මීට සති එකහමාරකට පමණ පෙර හික්කඩුව දුම්රිය ස්ථානය ආසන්නයේදී විදේශිකයින් පිරිසක් එවැනි සිද්ධියකට මුහුණදී ඇති බව මාධ්‍ය වෙත වාර්තාවේ .. ජංගම දුරකථන යෙදවුමක් හරහා වෙන් කරගත් ත්‍රීරෝද රථයකින් සිය නවාතැන්පොළ වෙත යාමට එම විදේශිකයින් සැලසුම් කර තිබෙනවා.
කෙසේවෙතත් හික්කඩුව දුම්රිය ස්ථානය ආසන්නයේ සිටි කුලී ත්‍රීරෝද රථ රියදුරන් කිහිපදෙනෙකු එම විදේශිකයින් ජංගම දුරකථනයක් මගින් වෙන්කරගත් ත්‍රීරෝද රථය අදාළ ස්ථානයෙන් පළව ාහැර ඇති බවයි වැඩිදුරටත් වාර්තා වුණේ.