නවතම පුවත්

වකුගඩු ජාවාරමට සහය දුන් ග්‍රාම නිලධාරීන් 2ක් අත්අඩංගුවට

අසංක

අසංක

බොරැල්ලේ රාජගිරිය පාරේ පිහිටි පෞද්ගලික රෝහලක් ආශ්‍රිතව සිදුවූ බව කියන වකුගඩු ජාවාරමට සම්බන්ධ ප්‍රධාන තැරැව්කරුවෙක් සහ එම ජාවාරමට අවශ්‍ය හොර ලේඛන සකස් කළ ග්‍රාම සේවක නිලධාරීන් දෙදෙනෙක් අද (16) සවස කොළඹ අපරාධ කොට්ඨාශයේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගත්තේය.

අත්අඩංගුවටගත් ග්‍රාම සේවකයින් දෙදෙනා කලපලුවාවේ සහ බෝමිරියේ පදිංචිකරුවන්ය.

අවුරුදු 59ක් වයසැති ඔවුන් දෙදෙනා රාගිරියේ සහ කොළොන්නාව දහම්පුර යන ග්‍රාම සේවක වසම්වල සේවය කරන අයයි.

රාජගිරිය රෝහලේ දී වකුගඩු බද්ධ කිරීම් කළ පුද්ගලයින් දෙදෙනෙකුට වකුගඩු අලෙවිකල මට්ටක්කුලියේ පදිංචි තිදෙනෙකුට වෙනත් ලිපිනයක පදිංචිය තහවුරු කරමින් සහතික ලබාදී ඇත්තේ මෙම ග්‍රාමසේවා නිලධාරීන්ය. ඒ සඳහා රුපියල් 20,000ක මුදලක් එක් සහතිකයක් වෙනුවෙන් ඔවුන් ලබාගෙන ඇතැයි කොළඹ අපරාධ කොට්ඨාශය විසින් කළ විමර්ශන වලින් අනාවරණය වී තිබේ.

තැරැව්කරුවා ආමර්වීදියේ පදිංචි වයස අවුරුදු 35ක් පමණ වන අයෙකි. ඔහු විසින් වකුගඩු අලෙවි කිරීමට කාන්තාවක් ඇතුළු පස් දෙනෙක් අදාල රෝහලට රැගෙන ගොස් හදුන්වා දී ඇති බව ද විමර්ශන වලින් අනාවරණය වී ඇත. ඒ අයගේ වකුගඩු ඉවත්කර වෙනත් අයට බද්ධකර ඇති බවද අනාවරණය වී තිබේ.

මෙසේ වකුගඩු අලෙවි කිරීමට සොයාදෙන එක් පුද්ගලයෙක් වෙනුවෙන් මෙම තැරැව්කරුට රුපියල් ලක්ෂ එකහාමාරක මුදලක් ලැබී ඇති බවද විමර්ශන වලින් අනාවරනය වී ඇත.

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්