නවතම පුවත්

විදේශිය යුවලකට රන්දෙණිගලදී වල් අලි ප්‍රහාරයක්

උමංග බණ්ඩාර

උමංග බණ්ඩාර

ඇල්ල සිට මහනුවර බලා ඉතාලි ජාතික යුවලක් ගමන්කරමින් සිටි මෝටර් රථයකට රන්දෙණිගල අභය භූමියේදී වන අලි ප්‍රහාරයක් එල්ලවී ඇත.

ඒ ඊයේ ( 02 ) සවස් කාලයේදීය.

මෙම යුවල රජමාවත ඔස්සේ ගමන් කරමින් සිටියදී රන්දෙණිගල අභයභූමි ප්‍රදේශයේදී සිය වාහනය නතරකර ඡායාරූප ගනිමින් සිටියදී වන අලි ප්‍රහාරයට මෝටර් රථය ලක්ව ඇති බව පොලීසිය කියයි.

එම අවස්ථාවේදී මාර්ගයේ ගමන් කළ සෙසු වාහන වල රියදුරන් සහ පුද්ගලයින් කෑ ගසා වන අලියාව ඵලවා හැර ඇති බවත් එසේ නොවන්නට විදේශිකයන් දෙදෙනාද වන අලි ප්‍රහාරයකට ලක්වීමට ඉඩ තිබුණු බවත් පොලීසිය කියයි.

එම ඉතාලි යුවල අලි ප්‍රහාරයට ලක්වූ මෝටර් රථයෙන්ම ඒ ආසන්න ප්‍රදේශයේ පිහිටි කීර්තිබණ්ඩාරපුර පොලිස් ස්ථානයට පැමිණ සිදුවූ අනතුර ගැන පැමිණිල්ලක්ද කර තිබේ. අනතුරුව ඔවුන් තමන් පැමිණි වාහනය පොලිස් ස්ථානයේ තබා වෙනත් වාහනයක් ගෙන්වාගෙන එහි නැගී මහනුවර බලා පිටත්ව ගොස් ඇත.

ඉතාලි ජාතික පිරිමි පුද්ගලයා කෘෂිකර්මාන්තයට අදාල ව්‍යාපාරයක නිරතව සිටින අයෙක් බවත් කාන්තාව වෛද්‍යවරියක් බවත් පොලීසියට පවසා තිබේ. ඔවුන් දෙදෙනාම තරුණ අය බවත් රන්දෙණිගල ජලාශය අසල රැදී සිටිමින් ඡායාරූප ගනිමින් සිටියදී මෙම අකරතැබ්බට ඔවුන් ලක්ව ඇති බවත් පොලීසිය කියයි.

මෙම මාර්ගයේ මෙයට පෙර මෙවැනි සිදුවීමක් වී නොමැති බවද පොලීසිය සඳහන් කළේය.

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්