නවතම පුවත්

විදේශීය බැඩ්මින්ටන් පුහුණුකරුවෙකුට ජාතික පුහුණුකරු පහරදීමට තැත් කරයි.

පැතුම් වික්‍රමරත්න

පැතුම් වික්‍රමරත්න

පසුගියදා (22) සුගතදාස ගෘහස්ථ ක්‍රීඩාංගණයේ පැවැති බස්නාහිර පළාත් බැඩ්මින්ටන් අවසන් තරගාවලිය අතරතුර දී මෙරට රැඳී සිටින ඉන්දුනීසියානු බැඩ්මින්ටන් පුහුණුකරුවෙකු වන ටෝනි වහීඩිම් මහතාට සහ හිටපු ජාතික බැඩ්මින්ටන් ශූරයකු වන ක්ලැරන්ස් හෝමර් මහතාට පහරදීමට තැත් කිරීම පිළිබඳව වාර්තා වේ.ඒ පිළිබඳ ග්‍රෑන්ඩ්පාස් පොලිසියට පැමිණිල්ලක් කර ඇත.

(Rising Stars Badminton Academy) රයිසින් ස්ටාර්ස් බැඩ්මින්ටන් ඇකඩමි පුද්ගලික සමාගමේ පුහුණුකරු ලෙස කටයුතු කරන ටෝනි මහතා පසුගියදා බස්නාහිර පළාත් බැඩ්මින්ටන් තරගාවලියේ අවසාන එම තරගය නැරඹීමට ගොස් ඇත්තේ,එම ඇකඩමියේ ක්‍රීඩක ක්‍රීඩිකාවන් හතර දෙනකු එම තරගාවලියේ අවසාන වටයට ක්‍රීඩා කිරීමට නියමිතව තිබූ නිසාය.

එහි දී මෙරට ජාතික බැඩ්මින්ටන් පුහුණුකරු සහ පෞද්ගලික බැඩ්මින්ටන් ඇකඩමියක හිමිකරුවෙකු වන යුක්ති රංගන නමැත්තා එම ක්‍රීඩාගාරය තුළ දී ටෝනි මහතාට සහ ක්ලැරන්ස් මහතාට මෙම පහරදීමට තැත් කිරීම සිදුකර ඇත. ඉන්දුනීසියානු බැඩ්මින්ටන් පුහුණුකරුට සහ තමාට පහර දීමට තැත් කිරීම පිළිබඳව යුක්ති රංගන නමැත්තාට එරෙහිව Rising Stars Badminton Academy හි සභාපති සහ හිටපු ජාතික බැඩ්මින්ටන් ශූරයකු වන ක්ලැරන්ස් හෝමර් මහතා CIB ¡¡¡ 69/200 යටතේ ග්‍රෑන්ඩ්පාස් පොලිසියේ මෙම පැමිණිල්ල සිදුකර ඇතැයි වාර්තා වේ.එසේම මේ පිළිබඳව ශ්‍රී ලංකාවේ ඉන්දුනීසියානු තානාපති කාර්යාලයට ද වර්තාකර ඇතැයි තොරතුරු වාර්තා වේ.

fuel
ඉන්ධන මිල පහළට
11
සූර්යබල විදුලිය මෙගාවොට් දහසක් ජාතික පද්ධතියට
Covid India
ශ්‍රී ලංකාවේ ණය ප්‍රතිව්‍යූහගතකරණය ගැන ඉන්දියාවේ මතය මෙන්න !
IMF
ශ්‍රී ලංකාව ගැන IMF සතුටෙන් !
image-13
විදේශීය බැඩ්මින්ටන් පුහුණුකරුවෙකුට ජාතික පුහුණුකරු පහරදීමට තැත් කරයි.
Ranil_Wickremesinghe
BREAKING🔴LIVE | ජනාධිපති ජාතිය අමතා සිදුකරන විශේෂ ප්‍රකාශය
image-11
සණස ලයිෆ් ඉන්ෂුවරන්ස් රාගල ශාඛාව නව නිවහනකට
image-10
සණස ලයිෆ් ඉන්ෂුවරන්ස් වෙසක් උත්සවයට රට පුරා දන්සැල් රැසක් පවත්වයි !
inflation decrease
උද්ධමනය පහළ ගිහින්
image-9
වසර 16කට පසු කොදෙව් ක්‍රීඩිකාවන්ට එරෙහිව ශ්‍රී ලංකාව පූර්ණ තරගාවලි ජයක්