විදේශ විනිමය පනතට පණදෙයි

Picture of අසංක

අසංක

ඉෂාර රත්නකාර

විදේශ විනිමය පනත යාවත්කාලීන කිරීමට කැබිනට් අනුමැතිය හිමිවී තිබේ.

ශ්‍රී ලංකාව තුළ යහපත් විදේශ විනිමය කළමනාකරණයක් පවත්වා ගැනීම සදහා විදේශ විනිමය පනත ක්‍රියාත්මක කිරීමේදී ශ්‍රී ලංකා මහබැංකුවේ මැදිහත්වීම වඩාත් ශක්තිමත් කිරීම හා ඒ පිළිබද වන නියාමන කාර්යයන් ක්‍රියාවට නැංවීමට අවශ්‍ය වන රෙගුලාසි මේ යටතේ යාවත්කාලීන වනු ඇත.

2017 අංක 12 දරණ විදේශ විනිමය පාලන පනතට විධිවිධාන ඇතුළත් කරමින් සහ එය යාවත්කාලීන කරමින් සංශෝධනය මුදල් ඇමැති මංගල සමරවීර මහතා ඉදිරිපත් කළ යෝජනාවට මෙලෙස කැබිනට් අනුමැතිය හිමිව තිබේ.