විදෙස් රටවල් සමග රටට හානිකර කිසිදු ගිවිසුමකට අත්සන් කිරීමට සිය ධූර කාලය තුළ ඉඩ නොදෙන බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ප්‍රකාශ කර සිටී
ඔහු ඒ අදහස් පළ කළේ, රට වෙනුවෙන් එකට සිටිමු මොණරාගල දිස්ත්‍රික් වැඩසටහනේ ප්‍රගති සමාලෝචනය සහ සමාප්ති වැඩසටහනට එක්වෙමිනි.
මේ දිනවල බොහෝ දෙනා අතර රටට අහිතකර සෝෆා, මිලේනියම් චැලේන්ජ්, ආදී ගිවිසුම් පිළිබඳව කතා බහට ලක්වන බවත් කෙසේ නමුත් රටට අහිතකර කිසිදු ගිවිසුමකට අත්සන් කිරීමට ඉඩ නොතබන බව ජනාධිපතිවරයා මෙහිදී ප්‍රකාශ කළේය .
ඇතැම් විදේශ බලවේග ලංකාව සිය කේන්ද්‍රස්ථානයක් කර ගැනීමට උත්සාහ කරන බවත් නමුත් කුමන බලවතෙකුය වුවද රට තුළට විත් රටට අභියෝගයක් වන ආකාරයෙන් බලපෑම් ඇති කිරීමට, රටේ ස්වාධීනත්වය නැති කිරීමට ඉඩ නොදෙන බවත් ජනාධිපතිවරයා වැඩිදුරටත් පැවසීය.