නවතම පුවත්

ශ්‍රීධරන්ගෙන් නැවතත් හමුදාවට කුණු බැනුම්

උමංග බණ්ඩාර

උමංග බණ්ඩාර

යුද සමයේදී දෙමළ ජාතියම විනාශ කිරීමට දායක වූ යුදහමුදාව අද පාසල් ආරක්ෂාවට පෙනී සිටිමින් හොඳ නාමය ලබාගැනීමේ උත්සාහයක නිරත වෙමින් සිටින බවට දෙමළ ජාතික සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.ශ්‍රීධරන් පැවසීය.

මන්ත්‍රීවරයා මේ බව කියා සිටියේ (04) දින කිලිනොච්චිය පුනරින් පිරමන්දනාරු මහා විද්‍යාලයේ රුපියල් ලක්ෂ 84ක වියදමින් ඉදිකරන ලද ගොඩනැගිල්ලක් විවෘත කිරීමේ අවස්ථාවට සහභාගී වෙමිනි.

එහිදී මන්ත්‍රිවරයා වැඩිදුරටත් පවසා සිටියේ,

‘අද මම මේ පාසලට එන විට මාර්ගයේ ඉදිරියෙන්ම සිටියේ යුද හමුදාව. මේ වෙනකොට දකුණේ බෝම්බ පුපුරපු තැන්වල නෙමෙයි යුද හමුදාව ආරක්ෂාවට දාල තියෙන්නේ. මේ වගේ පළාත්වල සාමාන්‍ය පාසල්වලට යුද හමුදාවෙන් දාලා ළමයි ආරක්ෂා කරනවා කියල හොඳ නම ගන්න තමයි දාලා තියෙන්නේ.

මේ නිසා මම මේ දරුවන්ගෙන් අහන්නේ ඔයාල ඔයාලගේ අම්මලා තාත්තලාගෙන් අහල බලන්න අපේ තාත්තලා කීදෙනෙක් මැරුවද, සහෝදරයින් කීදෙනෙක් මැරුවද, දෙමළ ජාතියම විනාශ කරන්න ගිය අය දැන් හොඳ අය වගේ රඟපාමින් ඉන්නවා. ඒ වගේම දෙමළ වචනයක්වත් දන්නේ නැති මේ අය කොහොමද දෙමළ ජනතාවට සලකන්නේ උදවු දෙන්නේ.

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්