ශ්‍රීලංකා නිදහස් පක්ෂය ක්‍රියාත්මක කිරීමට නියමිත විනය පරීක්ෂණයන්ට මුහුණ දීම සඳහා නීති කමිටුවක් පත් කිරීමට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සැලසුම් කර ඇත.
මහාචාර්ය ජී එල් පීරිස් මහතාගේ ප්‍රධානත්වයෙන් යුක්තව මෙම නීති කම්ටුව පිහිටුවීමටද මේ වනවිට කටයුතු සූදානම් කර ඇති බව පක්‍ෂ ආරංචිමාර්ග සඳහන් කර සිටී.
ශ්‍රීලනිපයෙන් පොදු ජන පෙරමුණට එක්වූ මන්ත්‍රීවරුන් සම්භන්ධව විනය ක්‍රියාමාර්ග ගැනීමට එම පක්ෂය කටයුතු කළහොත් ඊට එරෙහිව අධිකරණ ක්‍රියාවලියක් දියත් කිරීම මෙම නීති කමිටුවේ ප්‍රධාන කාර්ය භාරය වනු ඇත.