නවතම පුවත්

විමල් ජවිපෙ ජැක් මතක් කරයි

අසංක

අසංක

නිදහස් ජනතා සන්ධානය‍ (Freedom People’s Alliance) එළිදැක්විම අද (11) සවස ඩාලි පාරේ පිහිටි ශ්‍රි ලංකා නිදහස් පක්ෂ මූලස්ථානයේ දී සිදුවිය.


හෙලිකොප්ටරය ලකුණින් පළාත් පාලන මැතිවරණයට තරග කරන නිදහස් ජනතා සන්ධානය‍ (Freedom People’s Alliance) නියේාජනය කරන ප්‍රධාන පක්ෂ, සන්ධාන හා සංවිධාන අවබෝධතා ගිවිසුමට අත්සන් තැබීම මීට සමඟාමිව සිදුවිය.
නිදහස් ජනතා සන්ධානයේ ලේකම් වරයා වශයෙන් තිලංග සුමතිපාල මහතා කටයුතු කරයි.

නිදහස් ජනතා සන්ධානය‍ පිහිටුවීමේ අවස්ථාවට එක්වෙමින් උත්තර ලංකා සභාගයේ සභාපති විමල් විරවංශ මහතා

විපත්ති දායක මාවතෙන් මේ රට මුදා ගැනීම සඳහායි මේ සන්ධානය පිහටුවන්නේ. ජනතා විමුක්ති පෙරමුණ නායකයෙක් ඊයේ කලබලා වෙලා.අපි ජැක් ගහන්න හදනවලු. ජැක් නොගහපු අය කියනවා නම් කමක් නෑ.ජැක්සන් ලා මෙහෙම කියන්නෙ. මහින්ද රාජපක්ෂ මහත්තයා 2005 ගේනන කවුද ජැක් ගැහුවේ ? ජනතා විමුක්ති පෙරමුණ. ඊට කලින් චන්ද්‍රිකා එක්ක පරිවාස ආණ්ඩුවක් හදාගත්තෙ කවුද ? ජනතා විමුක්ති පෙරමුණ. ඊළඟට සරත් ෆොන්සේකා මහත්මයා කරේ තියන් ගියේ කවුද ? ජනතා විමුක්ති පෙරමුණ. ඊළඟට මෛත්‍රිපාල සිරිසේන ජනාධිපතිතුමා පත් කරන එකෙත් වක්‍රව ජැක් එකක් ගැහුවා. ඒක කෙළින්ම ගහන්න බැරි නිසා වක්‍රව ගැහුවා. එතකොට රනිල් වික්‍රමසිංහ අගමැති වුණේ ඒ ජැක් එකේ ප්‍රතිඵලයක් හැටියට. මහ බැංකු අධිපතිලා දෙන්නෙක් පත්වුණේ ඒ ජැක් එකේ ප්‍රතිඵලයක් හැටියට. අර කවුද කිවුවේ අරලියගහ මන්දිරයේ දූෂණ විරෝධී කමිටුවෙත් උන්නා කියලා. ඒ ජැක්සන්ලා කියනවා අපි ජැක් එකක් ගහන්න හදනවාලු. මෙතන ඒ වගේ ජැක් එකක් නෑ. නායකත්ව මණ්ඩලයකින් තින්දු ගන්නෙ. තනි පුද්ගලයෙක් නායකයෙක් ලෙස සැළකෙන්නෙ නෑ. මේ රටේ අභිවෘද්ධිය වෙනුවෙන් ගත හැකි ඕනෑම තින්දුවක් ගන්න මේ නව සන්ධානය සූදානම්. අපි සියලු දෙනා එක්ව මාතෘභූමියට ජයග්‍රහණයක් ගේමු.

නිදහස ජනතා සභාවේ නායක ඩලස් අලහප්පෙරුම මහතා

මේ පිහිටුවන්නේ තවත් එක දේශපාලන සන්ධානයක් නෙමෙයි. මෙතන මේ රටේ පිළිගත් දේශපාලන පක්ෂ හා සංවිධාන 12ක් තිබෙනවා. ලංකාවේ පැරණිම දේශපාලන පක්ෂය ලංකා සම සමාජ පක්ෂයේ ඉඳලා ලාබාලම දේශපාලන පක්ෂය නිදහස් ජනතා පෙරමුණ දක්වා පක්ෂ 12ක්. මේ පක්ෂ 12 ඇතුලේ පාර්ලිමේන්තුව නියෝජනය කරන මන්ත්‍රීවරුන් 36 දෙනෙක් ඉන්නවා. මේ මන්ත්‍රිවරු 17 දෙනා ලංකාවේ මැතිවරණ දිස්ත්‍රික් 22න් 17ක් නියෝජනය කරන බව අපි රටට කියන්නෙ නිහතමානි ආඩම්බරයෙන්. දැන් මේ ආණ්ඩුව ශ්‍රි ලාංකික ප්‍රජාවගේ අවමංගල්‍ය අධ්‍යක්ෂවරයා භූමිකාවයි කරන්නෙ. ඉතිං අපේ ප්‍රයත්නය මෙතනින් රට මුදා ගන්න එක. අපේ අරමුණ මේ චෞර දේශපාලනයට තිත තැබීමයි.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපති මෛත්‍රීපාල සිරිසේන මහතා

අපේ රට ගොඩනගන්න නම් මූලික වශයෙන් ප්‍රජාතන්ත්‍රවාදය ශක්තිමත් කළ යුතුයි. සියලුදෙනාට නැවත නැගිටින්න නම් ප්‍රජාතන්ත්‍රවාදය කියන දේව මන්දිරය තිබිය යුතුයි. නව දැනුම සමඟ නිදහස හා ප්‍රජාතන්ත්‍රවාදය කියන ප්‍රතිපත්තියට ලෝකයේ රටවල් යොමුවෙලා තියෙනවා. අදින් පස්සේ නිදහස ජනතා සන්ධානය ජනතාව අතරට යමින් එළැඹෙන පළාත් පාලන මැතිවරණයෙන් මුළු රටේම සියයට 90ක් අපට ජයග්‍රහණය කරන්න පුළුවන්. අපි උතුරු හා නැගෙනහිරටත් තරග කරනවා. යහපත් රටක්, ප්‍රජාතන්ත්‍රවාදය, නිදහස ශක්තිමත් කරන රටක්, ආර්ථික අර්බුදයෙන් ගොඩඑන රටක් ගොඩනගන රටක් හදන්න අපි කටයුතු කරනවා.

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්