ඉන්දීය සහ බ්‍රිතාන්‍ය කොවිඩ් වෛරස් ප්‍රභේද මුසු වූ නව කොරෝනා වෛරස් ප්‍රභේදයක් වියට්නාමයෙන් සොයාගෙන ඇත .
වියට්නාම සෞඛ්‍ය අමාත්‍යවරයා සදහන් කර ඇත්තේ මෙම නව ප්‍රභේදය වාතය මගින් සීඝ්‍රයෙන් පැතිර යා හැකි භයානක ප්‍රභේදයක් බවයි.
පෙර හදුනාගෙන ඇති වෛරස් ප්‍රභේදවලට වඩා නව වෛරස් ප්‍රභේදය ඉහළ සම්ප්‍රේශන හැකියාවකින් යුක්ත බවද වියට්නාම් සෞඛ්‍ය අමාත්‍යවරයා .සඳහන් කර ඇත .
මෙම වෛරස ප්‍රභේදය පිළිබඳව තම සෞඛ්‍ය විශේෂඥයින් පර්යේෂණ සිදුකරමින් ඇති බවත් ඒ පිළිබඳව වැඩි විස්තර ඉදිරියේදී නිකුත් කරන බවද ඒ මහතා මාධ්‍ය වෙත සඳහන් කර ඇත
කොරෝනා වෛරසය සාර්ථකව පාලනය කළ රටක් වන වියට්නාමය තුළ ඉකුත් අප්‍රේල් මස අග සිට නැවතත් කෙරෝනා වෛරසය සීඝ්‍රයෙන් ව්‍යාප්ත වෙමින් තිබෙ ඉන්දීය සහ බ්‍රිතාන්‍ය වෛරස් ප්‍රභේද 02 ඇතුළුව වෛරස් ප්‍රභේද 07 ක් වියට්නාමයෙන් වාර්තා වි ඇත .