නවතම පුවත්

විල්පත්තුව ගැන කියලා මහනුවර වගේ කලබලයක් ඇති කරන්න හදන්නේ

උමංග බණ්ඩාර

උමංග බණ්ඩාර

පුත්තලමේ අරුවක්කාලු කසළ ගැටලුව යටපත් කරමින් විල්පත්තුව පිළිබඳව සමාජ කථිකාවතක් නිර්මාණය කර ඒ තුළින් ජාතිවාදය ඇති කිරීමේ කුමන්ත්‍රණයක් ක්‍රියාත්මක වෙමින් පවතින බව අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මහතා පවසයි.

කොළඹ අල් හික්මා විද්‍යාලයේ ඊයේ(20) පැවැති උත්සවයකදී අමාත්‍යවරයා මේ බව සඳහන් කළේය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මහතා මෙලෙසද පැවසීය.

“පුත්තලමට කොළඹ කුණු ගෙන එන එකට පුත්තලමේ මිනිස්සු විරුද්ධ වෙන එක සාධාරණයි. අපි කවුරුවත් කැමති නැහැ වෙන කාගෙවත් කුණු ගන්න.

මේ කසල ගැටළුව ගැන පුත්තලමේ  ජනතාව කියන්න පුළුවන් හැමෝටම කිවුවා.උත්තරයක් නැතිම තැන තමයි ඔවුන් කොළඹට ඇවිත් උද්ඝෝෂණයක් කළේ.

පසුගිය වසරේ (2018) අවසාන මාස කිහිපයේ රටතුළ පැවැති ප්‍රජාතන්ත්‍ර විරෝධී ක්‍රියාවලියේදී අපි ගත්තෙ හරි පැත්ත.ඒක තමයි නියම ප්‍රජාතන්ත්‍රවාදය.

එදා ඒ සත්‍ය වෙනුවෙන් පෙනී සිටි අප අද පුත්තලමේ අරුවක්කාලු කසල ගැටලුව වෙලාවෙදිත් පුත්තලමේ අහිංසක ජනතාවගේ පැත්ත ගන්නවා.

පුත්තලමේ ජනතාවගේ කසල ගැටලුව ගැන පෙනී ඉන්න නිසා මට විල්පත්තුව කපනවා කියල චෝදනා කරමින් මේ දිනවල සමාජ මාධ්‍ය රැල්ලක් ක්‍රියාත්මක වෙනවා.මේවා හසුරවන යම් යම් අදිසි හස්ත ක්‍රියාත්මක වන බව අපට පේනවා.රජය ඇතුලෙ අමාත්‍යවරයකු ලෙස සිටියත් ජනතාවට අසාධාරණයක් වෙනවානම් අපි එයට දැඩි ලෙස විරුද්ධ වෙනවා.

මේ විදියට සමාජ මාධ්‍ය හරහා වැරදි පූර්වාදර්ශ සපයපු නිසා තමයි පසුගිය කාලයේ නුවර තෙල්දෙනිය , ගිංතොට වගේ ප්‍රදේශවල ගැටුම් ඇතිවුනේ.

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්