විලාසිතාවක් ලෙස පරිසරය ගැන අදහස් පළකරන්න එපා – ජනපති

Picture of උමංග බණ්ඩාර

උමංග බණ්ඩාර

පැතුම් වික්‍රමරත්න
විලාසිතාවක් විලස  පරිසරය ගැන අදහස් පළ නොකොට ,  සෑම කෙනෙක්ම පරිසරය වෙනුවෙන් තමන්ගේ වගකීම ඉටු කරන්නේනම් පරිසරය ආරක්ෂා කර ගැනීම වඩාත් පහසු වන   බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අවධාරණය කර සිටී.
‘සුරකිමු ගංගා’ ජාතික වැඩසටහනේ සමාරම්භයට ඒක්වෙමින් ජනාධිපතිවරයා මේ බව ප්‍රකාශ කළේය.
මෙහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් ජනාධිපතිවරයා මෙසේද පැවසීය
“මම තමයි පරිසරයට අහිතකර එකම පුද්ගලයා වගේ තමයි සමාජ මාධ්‍ය දෙස බැලුවහම තේරෙන්නේ. මම තමයි ගස් කපන්නේ, මගේ කර්මාන්ත තමයි අපද්‍රව්‍ය ඔක්කෝම ගංගාවලට එකතු කරන්නේ. මම තමයි පහත්බිම් ගොඩකරන්නේ, මේ සියලුම දේ කරන්නේ මම වගේ තමයි සමාජ මාධ්‍ය දෙස බැලුවහම පේන්නේ. පරිසරය ගැන කථා කරන අයගෙන් ඉල්ලා සිටිනවා හුදෙක් විලාසිතාවක් වෙන්න පරිසරය ගැන කථා නොකර, හැමකෙනෙක් ම පරිසරය වෙනුවෙන් තමන්ගේ වගකීම ඉෂ්ට කරනවා නම් අපිට මේ පරිසරය ආරක්ෂා කර ගැනීමට හරිම පහසුයි.“
මෙරට ගංගා සංරක්ෂණය සඳහා පරිසර අමාත්‍යංශය හා මධ්‍යම පරිසර අධිකාරිය එක්ව ක්‍රියාවට නංවන ගං ඉවුරු ආරක්ෂා කිරීමේ ‘සුරකිමු ගංගා’ ජාතික වැඩසටහන ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් ආරම්භ විය.