විශ්ව බලයෙන් ලෙඩ සුවකරද්දී දෙදෙනෙක් මරුට

Picture of අසංක

අසංක

හොරොව්පතාන රුවන්වැලි මධ්‍ය මහා විද්‍යාල ක්‍රීඩාංගනයේ දී විශ්ව බලයෙන් රෝග සුවපත් කරන බවට පුද්ගලයකු විසින් ඊයේ සහ අද දින වැඩසටහනක් පවත්වා ඇති අතර එහිදී පුද්ගලයන් දෙදෙනකු අසාධ්‍ය වී රෝහල්ගත කිරීමේදී මියගොස් තිබේ.

තවත් 18 දෙනකු රෝහල්ගත කර ඇත.

දිවයින පුරා විවිධ ප්‍රදේශවලින් අසාධ්‍ය රෝගීන් බොහොමයක් මෙම වැඩසටහනට සහභාගි වී තිබේ.

පොලීසිය පැවසුවේ මියගොස් ඇත්තේ 39 හැවිරිදි අංශබාග රෝගයෙන් පෙළෙන කළුතර පදිංචි කාන්තාවක් හා 78 හැවිරිදි වදුරඹ පදිංචිකරුවකු බවයි.

වැඩසටහන මෙහෙයවූ පුද්ගලයාගේ ප්‍රකාශයක් සටහන් කරගෙන ඇති අතර මේ පිළිබද විමර්ශනයක් පැවැත්වෙන බව පොලීසිය පවසයි.

මියගිය දෙදෙනාගේ පශ්චාත් මරණ පරීක්ෂණයෙන් පසුව ඉදිරි විමර්ශන සිදුකරන බව ද පොලීසිය පැවැසීය.