නවතම පුවත්

විශ්ව රූ රැජින කිරුළ 21 වසකට පසු ඉන්දියාවට

Roshan

Roshan

පැතුම් වික්‍රමරත්න

වසර 21කට පසුව විශ්ව රූ රැජිණ කිරුළ ඉන්දියාවට දිනාදීමට 21 හැවිරිදි තරුණියක් සමත් වී ඇත  ඇය, නිළියක් සහ මෝස්‌තර නිරූපන ශිල්පිනියක් ලෙස කටයුතු කරන හර්නාස් සන්දු ය. එසේම ඇය සික් ජාතික තරුණියක් වීමද විශේෂත්වයකි. ජනප්‍රිය නිළියන් වන සුශ්මිතා සෙන් සහ ලාරා දත්තා මීට පෙර ඉන්දියාව වෙනුවෙන් එම කිරුළ දිනාගෙන තිබුණි.

ඊයේ (13) ඊශ්‍රායලයේ පැවති 70 වැනි විශ්ව රූ රැජිණ තේරීමේ තරගයට රටවල් 80ක් නියෝජනය කරමින් තරගකාරියන් එක්වී තිබුණි. හර්යානා ප්‍රාන්තයේ චන්ද්‍රිගා නගරයේ ජීවත්වන හර්නාස්, මේ වනවිට පශ්චාත් උපාධියක් හදාරමින් සිටින්නීය.

ජයග්‍රහණය ලැබීමෙන් අනතුරුව හර්නාස් ට කිරුළ පළඳවන ලද්දේ 2020දී එම තරගය ජයලැබූ මෙක්සිකෝවේ අන්ද්‍රියා මේසා විසිනි. පැරගුවේ හි නාදියා ෆෙරෙයිරා දෙවැනි ස්ථානය ලැබූ අතර දකුණු අප්‍රිකාවේ ලලීලා එස්වානේ තෙවැනි ස්ථානය දිනාගෙන තිබුණි.

අවසාන ප්‍රශ්න වටයේදී ඇයගෙන් ඇසු ප්‍රශ්නයට හර්නාස් ලබාදුන් පිළිතුරෙන් ජයග්‍රහණය ඇය වෙත හැරුණු බව විචාරකයෝ පවසති. එහිදී ඇයගෙන් විමසුවේ වර්තමානයේ දී ඇතිවී තිබෙන පීඩනයට මුහුණදීමට තරුණියන්ට ඇය දෙන උපදෙස කුමක්ද යන්නය.

“යෞවන පරපුර වර්තමානයේ මුහුණදෙන විශාලම පීඩනය තමයි තමා ගැන විශ්වාස කිරීම. තමා සුවිශේෂයි කියන දේ තේරුම් ගැනීම. එවිට සිgයලුදෙනා ලස්සනයි. ඔබව අනෙකා සමග සමාන කිරීමෙන් වළකින්න. ඒ වෙනුවට ලොව සිදුවන වඩා වැදගත් දේ ගැන කථා කරමු. එයයි ඔබ වටහාගත යුත්තේ. ඔබ වෙනුවෙන් ඔබම කථා කරන්න. ඒ මන්දයත් ඔබගේ ජීවිතයේ නායකයා ඔබයි. ඔබ වෙනුවෙන් ඔබ හඬ නැගිය යුතුයි. එම නිසා තමයි මම මෙතැන අද ඉන්නේ.” ඒ ඇගේ  පිළිතුර විය.

debt
රටේ ණය බර තවත් ඉහළට !
DiscoverHeat1
මේ උණුසුම අවදානම් !
How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි