රාජ්‍ය සේවයේ විශ්‍රාම ගැන්වෙන වයස ගැහැණු හා පිරිමි දෙපාර්ශවයටම අවුරුදු 60ක් ලෙස සමාන කිරීමට 2021 අයවැයෙන් යෝජනා කර තිබේ.
පිරිමින්ගේ විශ්‍රාම වයස අවුරුදු 60 වුවද ගැහැණුන්ගේ විශ්‍රාම ගැන්වෙන වයස වන්නේ අවුරුදු 55 ය.
එහෙත් ආයු අපේක්ෂාව අතින් පිරිමින්ට වඩා ගැහැණුන්ගේ ආයු අපේක්ෂාව වැඩි වීම නිසා මෙවැනි වයස් දෙකක් පැවතීම අනවශ්‍ය බවට අගමැති මුදල් අමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පැවසීය.
මේ අතර මාණ්ඩලික නොවන ශ්‍රේණිවල රාජ්‍ය සේවකයන්ට රාජකාරී වේලාවෙන් පසු වෙනත් රැකියාවල නිරත වීමට අවසර දීමට අයවැයෙන් යෝජනා කර ඇත.
රාජ්‍ය සේවකයන් සඳහා බැංකු මගින් ලබා දෙන නිවාස ණය හා අත්තිකාරම් අරමුදල් යටතේ දෙනු ලබන නිවාස දේපළ ණය සඳහා පොලී අනුපාතය 7% දක්වා අඩු කිරීමට ද සැලසුම් කර ඇත.