මහජන ගෙවීම්, විශ්‍රාම වැටුප් හා ගොවි විශ්‍රාම වැටුප් ගෙවීමේ කටයුතු අඛණ්ඩව ක්‍රියාත්මක බව තැපැල්පති රංජිත් ආරියරත්න මහතා මාධ්‍ය වෙත සඳහන් කළේය .
කොවිඩ් රෝගීන් කිහිපදෙනෙකු හමුවීම හේතුවෙන් වසා දැමුණු මධ්‍යම තැපැල් හුවමාරුවද මේ වනවිට සීමිත රාජකාරි කිහිපයක් වෙනුවෙන් මේ වනවිට යලි විවෘතව ඇති බවත් ඒ මහතා පැවසීය.
ඇඳිරි නීතිය ක්‍රියාත්මක නොවන හා අඩු අවදානම් ප්‍රදේශවල නැවත වරක් ලිපි බෙදීමද ආරම්භ කර ඇති බව ඒ මහතා මෙහිදී පැවසීය.