විසි වසරක් ඉසිපතනයේ තිබු කිරුළ තර්ස්ටන් පිළ රැගෙන යයි

Picture of උමංග බණ්ඩාර

උමංග බණ්ඩාර

මහා ක්‍රිකට් තරග සමය ආරම්භ කරමින් පැවැති තර්ස්ටන් – ඉසිපතන සහෝදරයන්ගේ සටනේ වාර්තා පොත් අලුත් කළ තර්ස්ටන් පිළ විසි හත් අවුරුද්දකට පසු මහා ක්‍රිකට් තරගය ජය ගත්හ.

56 වැනි ‘සහෝදරයන්ගේ සටන’ වාර්ෂික මහා ක්‍රිකට් තරගය කොළඹ එස්. එස්. සී. පිටියේදී පැවැත්විණි.

‘බ්ලැක්හැම් විජේවර්ධන’ අනුස්මරණ කුසලාන මහා ක්‍රිකට් තරගාවලියේදී තර්ස්ටන් පිල 1992 වසරේ ද, ඉසිපතන පිල 1999 වසරේ ද අවසන් වරට ජය ලබා තිබුණි.

තර්ස්ටන් මෙම තරගයට පෙර මහා ක්‍රිකට් තරග 5 ක් ජයගෙන තිබු අතර ඉසිපතන පිල තරග 4 ක් ජය ලබා සිටියහ.
මහා ක්‍රිකට් තරගයේ විසදුමක් ලැබුණු මෙවර තරගය අවසානයේදී කිසිම ගැටුමක් වාර්තා නොවීම විශේෂත්වයකි.

මෙම තරගය මහා ක්‍රිකට් තරග මාලාවේ ආරම්භක තරගය ලෙස පැවැත්වීමත්, විසදුමක් ලැබුණු තරගයේ දෙපිලේම ක්‍රිකට්, ආදි ශිෂ්‍යයන් එම ජය සාමකාමීව භුක්තිවිදීමත් මහා ක්‍රිකට් තරග සදහා ආදර්ශයක් සැපයු බව ක්‍රිකට් විස්තර විචාරකයො සදහන් කළහ.

“එය වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම ” සහෝදරයන්ගේ සටනක්ම ” වීම විශේෂත්වයකි.

මෙරට මහා ක්‍රිකට් සංස්කෘතියෙ වෙනසකට යොමු කළ සහෝදරයන්ගේ සටන, කිසිම ගැටුමකින් තොරව ලංකාවේ සියලුම මහා ක්‍රිකට් තරග පැවැත්වෙන්නේ නම් එය රටටම මනා ආදර්ශයක් වනු ඇත.

මෙහිදි තර්ස්ටන් සහ ඉසිපතන විද්‍යාලයන්හී ගුරු දෙගුරුන්ගේ, ශිෂ්‍යයින්ගේ සහ ආදී ශිෂ්‍යයන්ගේ කැපවීම උනන්දුව හා සහයෝගය හේතුවෙන් මහා ක්‍රිකට් තරගය රටටත් අනාගත පරපුරටත් ආදර්ශයක් එක් කිරීම කැපී පෙනේ”

ජයග්‍රාහී තර්ස්ටන් විද්‍යාලයීය සංචිතය සඳරු ඩයස් (නායක), අයේෂ් හර්ෂණ (උප නායක), ජයවිහාන් මහවිතාන, බිමාර රණතුංග, නිමේෂ් පෙරේරා, යොහාන් ලියනගේ, රෂ්මික හිරිපිටිය, ශාලක බණ්ඩාර, අවිෂ්ක කෞෂල්‍ය, බවන්ත ජයසිංහ, පෘතුවි හෙට්ටිආරච්චි, අංජු කරුණානායක, රනේෂ් සිල්වා, සනුත් මනුතුංග, දසුන් ජයවර්ධන, උදිත් වික්‍රමාරච්චි සහ නිලක්ෂ් මලිත්, තාමර අබේරත්න මහතා (ප්‍රධාන පුහුණුකරු), ලෙස්ලි හරිස්චන්ද්‍ර මහතා (ක්‍රිකට් භාර ආචාර්ය), ලක්ෂ්මන් ඩයස් මහතා (විදුහල්පති) ඉසිපතන විද්‍යාලයීය සංචිතය: මධුෂික සඳරුවන් (නායක), ලෙෂාන් අමරසිංහ (උප නායක), කාලික් අමාත්, දිනාත් දිසානායක, තෙවිඳු දික්වැල්ල, අෂේන් ගුණවර්ධන, එෂාන් ප්ර්නාන්දු, සවිඳු උත්සර, සවීන් දම්මලගේ, රවිඳු රත්නායක, චලන සිල්වා, ලෝමිත රවින්දිත්, මන්දීප ගුණසේකර, අමීන් තාහා, යසිරු කස්තුරිආරච්චි, ඉසුරු සඳමාල්, සුරංග විජේනායක මහතා (ප්‍රධාන පුහුණුකරු), ඊ.එම්.එස්.ආර්. ද සේරම් මහතා (ක්‍රිකට් භාර ආචාර්ය), ප්‍රේමසිරි ඈපා මහතා (විදුහල්පති)

තර්ස්ටන් විද්‍යාලය 276/10 (58.4) & 41/0 (5.2) ඉසිපතන විද්‍යාලය 169/10 (57.1) & 144/10 (50.2)