නවතම පුවත්

වීදි දඩ කොළේ භාෂා තුනෙන්ම එයි

අසංක

අසංක

මෝටර් රථ වැරදි සඳහා පොලීසිය විසින් නිකුත් කරනු ලබන ‘මෝටර් රථ වීදි දඩකොලය’ හෙවත්  රියදුරු බලපත්‍රය වෙනුවට නිකුත් කරනු ලබන  අවසර පත්‍රය ප්‍රථම වරට භාෂා ත්‍රිත්වයෙන්ම නිකුත් කිරීමට අදාළ ගැසට් නිවේදනය නිකුත් කර තිබේ.

මෙම දඩකොලයෙහි විශේෂත්වය වන්නේ භාෂාව නොදන්නා අයෙකුට වුවද තම වරද හඳුනා ගත හැකි ආකාරයට මාර්ගයේ සිදු කරන වැරදි  අංකගත කර සිදු කළ වරද අංකයක් ආකාරයට දැක්වීමයි.

ඒ අනුව අදාළ අංකය බලා තම භාෂාවෙන් ඊට අදාළ වරද හඳුනා ගත හැකිය.

උතුරු පළාත් ආණ්ඩුකාර ආචාර්ය සුරේන් රාඝවන් මහතාගේ මූලිකත්වයෙන් මේ සඳහා අදාළ අංශ සමඟ  සාකච්ඡා සිදු කර තිබුණි.

“1951 වසරේදී හඳුන්වා දුන් මෙරට මෝටර් රථ වීදි දඩකොලය මේ වනතෙක් සටහන් වූයේ එක් භාෂාවකින් පමණ යි. විශේෂයෙන්  උතුරේ පොලිස් නිළධාරීන් දඩකොලය සිංහලෙන් ලියූ විට දඩකොලය ලබා ගන්නා පුද්ගලයන්ට එය කියවා ගැනීමේදී අසීරුතාවයන්ට මුහුණ දීමට සිදු වුණා. දීර්ඝකාලීන සාකච්ඡා වලින් අනතුරුව ප්‍රවාහන හා සිවිල් ගුවන් සේවා අමාත්‍ය අර්ජුන රණතුංග මහතාගේ අත්සනින් යුතුව භාෂා ත්‍රිත්වයෙන් යුත් එම ගැසට් නිවේදනය නිකුත් කිරීමට හැකි වුණා. මෙය ප්‍රජාතන්ත්‍ර අවකාශය සඳහා ලබා ගත් විශාල ජයග්‍රහණයක්” යැයි වැඩිදුරටත් අදහස් දක්වමින් උතුරු පළාත් ආණ්ඩුකාර ආචාර්ය සුරේන් රාඝවන් මහතා ප්‍රකාශ කළේය.

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්