වී ජාවාරම්කරුවන්ගේ  අලුත් මාෆියාවක් හෙළිවෙයි

Picture of උමංග බණ්ඩාර

උමංග බණ්ඩාර


ප්‍රබෝධා හෙට්ටිආරච්චි

සහල් ජාවාරම්කරුවන්ට වී තොග රැස්කිරීම වෙනුවෙන් වී මෝල් ලියාපදිංචිය, සහල් තොග රැස්කිරීම තහනම් කරමින් වහාම චක්‍රලේඛයක් නිකුත් කරන ලෙස වෙළෙඳ අමාත්‍ය බන්දුල ගුණවර්ධන  මහතා පළාත් පාලන අමාත්‍යාංශ ලේකම්වරයාට දැනුම් දෙයි.

කුඩා වී මෝල් නිවසේ සවිකර නිවසේ සහල් නිෂ්පාදනය කරන බවට පවසා මහා පරිමාණ වී මෝල් හිමියන්ට වී තොග රැස්කිරීමේ  ජාවාරමක් හෙළිවීමත් සමග මෙම තීරණය ගෙන ඇත.

රජය සතුව වී මෝල් හිමියන්ගේ ලැයිස්තුවක් පවතින අතර තවදුරටත් එවැනි වී මෝල් ලියාපදිංචිය නොකරන බව ද අමාත්‍යවරයා කියාසිටියේ ඊයේ පැවැති මාධ්‍ය හමුවකදීය.

වෙළඳ කටයුතු අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා පැවසුවේ රුපියල් ලක්ෂ 15ක් වැනි මිලකට මෙලෙස මෝලක් සවිකර ප්‍රාදේශීය ලේකම්වරයා ලවා  නිවසේ සහල් තොග රැස්කරන සහල නිෂ්පාදනය කරන බවට ලියාපදිංචි කරගත් එවැනි ස්ථාන අම්පාර දිස්ත්‍රික්කයෙන් ක්‍රියාත්මක බවට ලද පැමිණිලි සළකා බැලීමේදී මෙම ජාවාරම හෙළිව ඇත.