වී.ජ.මු. ලොකුබණ්ඩාර මහතාගේ දේහය පිළිබඳ අවසන් තීන්දුව අද

Picture of උමංග බණ්ඩාර

උමංග බණ්ඩාර

අභාවප්‍රාප්ත වූ හිටපු කථානායක වී.ජ.මු. ලොකුබණ්ඩාර මහතාගේ දේහය පිළිබඳ අවසන් කටයුතු කොවිඩ් රෙගුලාසි මත අද දිනයේ සිදු කරනු ඇතැයි වාර්තාවනවා. කෙසේවෙතත් ඒ පිළිබඳ අවසන් තීරණයක් ගනු ලබන්නේ අද උදෑසන සිදු කිරීමට නියමිත රජයේ අධිකරණ වෛද්‍ය නිලධාරීවරයාගේ තීරණය මතයි.

කොරෝනා වෛරසය ආසාදනය වී සිටි ඔහු කොළඹ IDH රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී ඊයේ අභාවප්‍රාප්ත වුණා. කොවිඩ් වෛරසය ආසාදනය වීමෙන් පසු හිටපු කථානායක වී.ජ.මු. ලොකුබණ්ඩාර මහතා ඉකුත්දා පළමුව කොළඹ පෞද්ගලික රෝහලකට ඇතුලත් කෙරුණු අතර පසුව කොළඹ IDH රෝහලට මාරු කෙරුණා.