නවතම පුවත්

වුහාන් සිට පැමිණි සිසුන් දියතලාව විශේෂ රෝහලට – ලොවේම අවධානය ශ්‍රී ලංකාවට

උමංග බණ්ඩාර

උමංග බණ්ඩාර

ඊයේ දිනයේදී චිනය බලා ගිය ශ්‍රී ලංකා ගුවන් සේවයට අයත් UL 1423 දරණ ගුවන් යානය අද උදෑසන මත්තල වෙත ලඟා වුනා. අද අලුයම චීනයේ වුහාන් නගරයෙන් ගමන් ඇරඹි මෙම යානයේ , එරට රැඳී සිටි සිසුන් 33 දෙනෙකු පැමිණෙන අතර ඒ සියලුම දෙනා දියතලාවේ පිහිටි යුධ හමුදා විශේෂ රෝහල වෙත රැගෙන යනු ලැබුවා.

නව කොරෝනා වෛරසය මුලින්ම වාර්තා වූ චිනයේ වූහාන් නගරයේ සිරවී සිටි ශ්‍රී ලංකා සිසුන් 33 දෙනා හා ඔවුන්ගේ පවුලේ උදවිය රැගත් විශේෂ ගුවන් යානය මත්තල ගුවන් තොටුපොළට ගොඩබැස්සවීය.

මෙම සිසුන් දින 14ක නිරෝධායනය කටයුතු වෙනුවෙන් දියතලාව හමුදා කඳවුරේ වෙනමම පිහිටුවා ඇති ගොඩනැගිල්ලක් වෙත යොමුකිරීමට නියමිතව තිබේ.

මත්තල ගුවන් තොටුපොළේදී ඔවුන්ව විශේෂ පරීක්ෂණයකට ලක් කල අතර කටුනායක ගුවන්තොටුපොල භාවිතා කරන දහසකුත් මගීන්ට කිසිඳු අවධානමක් නොදෙමින් මෙම සිසුන් පිරිසක් මත්තලට රැගෙන එනු ලැබුවේ ජනාධිපතිතුමා විසින් දෙනු ලැබූ උපදෙස් පරිදියි.

චීනයේ වුහාන් වලට විදෙස් රටක ගුවන් යානයක් ගොඩ බස්වා මුදවාගත් පළමු කණ්ඩායම වන්නේද ශ්‍රී ලංකා සිසුන්ය. මේ අනුව ලොවේ බොහෝ රටවල් ශ්‍රී ලංකාවට දැඩි අවධානය යොමු කර ඇත.

prathibha
ප්‍රතිපත්තිමය වෙනස්කම් සඳහා පුරවැසි සංවිධාන ශක්තිමත්විය යුතුයි - ප්‍රතිභා මහානාමහේවා
image
DIGIECON ගෝලීය ආයෝජන සමුළුව, හරහා මෙරටට නව ආයෝජන රැසක් !
debt
රටේ ණය බර තවත් ඉහළට !
DiscoverHeat1
මේ උණුසුම අවදානම් !
How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා