කොරෝනා වයිරසය පැතිරයාම හේතුවෙන් චීනයේ වුහාන් නගරයේ සිරවී සිටි ශ්‍රී ලාංකිකයන් 33 දෙනා මුදා ගැනීමට ගිය ශ්‍රී ලන්කන් ගුවන් යානයේ ගුවන් කාර්ය මණ්ඩලය, එම ගමන වෙනුවෙන් ගුවන් සමාගමෙන් ලබාදී ඇති විශේෂ දිරිදීමනාව ප්‍රතික්ෂේප කර ඇත.
ගුවන් මෙහෙයුමේ භූමි මෙහෙයුම් සඳහා නිරතව සිටින ගුවන් සමාගමේ සේවක මහත්ම මහත්මීන් සඳහා මුඛ ආවරණ, අත් ආවරණ ඇතුළු සනීපාරක්ෂක ද්‍රව්‍ය මිලදී ගැනීම සඳහා එම මුදල් යොදවන ලෙසට ඔවුන් ගුවන් සමාගමේ පරිපාලනයෙන් ඉල්ලීමක් කර ඇත.