නවතම පුවත්

වෘත්තිය සමිති සටන් හරියට කරන හැටි අගමැති කියාදෙයි

Roshan

Roshan

ප්‍රබෝධා හෙට්ටිආරච්චි

වෘත්තිය සටන් සීත කාමරවල සිට කළ නොහැකි බවත් සැබෑ කම්කරු නායකයන් සිය සටන් මෙහෙයවන්නේ පටු දේශපාලන වාසි සඳහා නොවන බවත් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පැවසීය.

අරලියගහ මන්දිරයේ පැවති “ශ්‍රමයට අභිමන්-ජනතා බුහුමන්’’ 2021 ඇගයීම් උළෙලට එක්වෙමින් අග්‍රාමාත්‍යවරයා මේ බව සඳහන් කළේය.

කම්කරු නායකයින් සහ කම්කරුවන්ගේ උන්නතිය උදෙසා තම සේවා කාලය කැප කළ රාජ්‍ය නිලධාරීන් ඇගයීම සඳහා මෙය සංවිධානය කර තිබුණි.

අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා කම්කරු අමාත්‍යවරයාව සිටියදී කළ යෝජනාවකට අනුව බිහි වූ ශ්‍රම වාසනා අරමුදලේ පුරෝගාමීත්වයෙන් කම්කරු අමාත්‍යාංශයේ සහ මුදල් අමාත්‍යාංශයේ මෙහෙයවීමෙන් මෙම සම්මාන උළෙල සංවිධානය කෙරිණි.

සම්මාන ප්‍රදානෝත්සවයේ දී කම්කරු ප්‍රජාව වෙනුවෙන් විශිෂ්ට සේවයක් ඉටුකළ කීර්තිමත් වෘත්තිය සමිති නායකයින් 09 දෙනෙකු සහ විශ්‍රාමික රාජ්‍ය නිලධාරීන් දෙදෙනෙක් අග්‍රාමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් මෙහි දී ඇගයීමට ලක්වූහ.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අග්‍රාමාත්‍යවරයා,

“වෘත්තිය සමිති සටන් කියන්නේ සීත කාමරවල ඉදන් කරන්න පුළුවන් දෙයක් නෙමෙයි. ගුටි බැට කන්නත් සිද්ධ වෙනවා. හිරේ විලංගුවේ වැටෙන්නත් වෙනවා. අද මෙතැන ඉන්න කම්කරු නායකයින්ට නම් ඒ ගැන අමුතුවෙන් කියන්න ඕනේ නැහැ. අපේ ලෙස්ලි දේවේන්ද්‍රට නම් මේ දේවල් ගැන අවුරුදු 57 ක විතර අත්දැකීම් තියෙනවා. මට මතක හැටියට  ජේ.ආර්.ගේ කාලේ කම්කරුවන් වෙනුවෙන් සටන් කරන්න ගිහින් බොරු චෝදනාවලට පවා ලක්වෙලා අවුරුදු 12ක්ම රැකියාව අහිමිවෙලා හිටියා. ඒ විතරක් නෙමෙයි අවුරුදු එකහමාරක් හිරබත් කන්නත් සිද්ධවුණා. මෙතැන ඉන්න අනෙකුත් කම්කරු නායකයිනුත් මෙවැනි අමිහිරි අත්දැකීම්වලට මුහුණ දීල ඇති. හැබැයි ඒ දේවල් වලින් කම්කරු නායකයින් නිහඬ කරන්න කාටවත් බැරිවුණා.”

“මිත්‍රවරුනි,
සැබෑ කම්කරු  නායකයෝ සටන් කරන්නේ පටු දේශපාලන වාසි වෙනුවෙන්  නෙමෙයි. රැකියා අහිමිව හිරේ විලංගුවේ වැටෙමින් කොතරම් දුෂ්කරතාවලට මුහුණ දෙන්නට සිදුවුණත් ඒ සියල්ලක්ම විද දරාගෙන ඒ අය සටන්කරනවා. අපි විශ්වාස කරනවා අද මෙතැන ඉන්න කම්කරු නායකයනුත් වැඩකරන ජනතාව වෙනුවෙන් අවංකව සිය යුතුකම හැකි උපරිමයෙන් ඉටු කරපු අය කියලා. මේ අයගෙන් වැඩිදෙනෙක් ජීවිතේ වැඩි කාලයක් ගතකරලා තියෙන්නෙ තම වෘත්තිය සඟයන්ගෙ අයිතිවාසිකම් දිනාගන්න. අදටත් ඔවුන්ගෙ සටන්කාමීත්වය තරුණයි. අපි දකිනවා මේ අය තමයි අදටත් කම්කරු සටන් බිමේ ඉදිරියෙන්ම ඉන්නෙ. වැඩකරන ජනතාව අද භුක්ති විඳින අයිතිවාසිකම් සහ වරප්‍රසාද බොහොමයක් මේ නායකයන්ගෙ කැපවීමෙන් ලබාගත් අයිතිවාසිකම් හා වරප්‍රසාද බව අමුතුමෙන් සිහිපත් කළ යුතු නැහැ.”

“වෘත්තිය සමිති සටන් කියන්නේ සීත කාමරවල ඉදන් කරන්න පුළුවන් දෙයක් නෙමෙයි. ගුටි බැට කන්නත් සිද්ධ වෙනවා. හිරේ විලංගුවේ වැටෙන්නත් වෙනවා. අද මෙතැන ඉන්න කම්කරු නායකයින්ට නම් ඒ ගැන අමුතුවෙන් කියන්න ඕනේ නැහැ. අපේ ලෙස්ලි දේවේන්ද්‍රට නම් මේ දේවල් ගැන අවුරුදු 57 ක විතර අත්දැකීම් තියෙනවා. මට මතක හැටියට  ජේ.ආර්.ගේ කාලේ කම්කරුවන් වෙනුවෙන් සටන් කරන්න ගිහින් බොරු චෝදනාවලට පවා ලක්වෙලා අවුරුදු 12ක්ම රැකියාව අහිමිවෙලා හිටියා. ඒ විතරක් නෙමෙයි අවුරුදු එකහමාරක් හිරබත් කන්නත් සිද්ධවුණා. මෙතැන ඉන්න අනෙකුත් කම්කරු නායකයිනුත් මෙවැනි අමිහිරි අත්දැකීම්වලට මුහුණ දීල ඇති. හැබැයි ඒ දේවල් වලින් කම්කරු නායකයින් නිහඬ කරන්න කාටවත් බැරිවුණා.”

“මිත්‍රවරුනි,
සැබෑ කම්කරු  නායකයෝ සටන් කරන්නේ පටු දේශපාලන වාසි වෙනුවෙන්  නෙමෙයි. රැකියා අහිමිව හිරේ විලංගුවේ වැටෙමින් කොතරම් දුෂ්කරතාවලට මුහුණ දෙන්නට සිදුවුණත් ඒ සියල්ලක්ම විද දරාගෙන ඒ අය සටන්කරනවා. අපි විශ්වාස කරනවා අද මෙතැන ඉන්න කම්කරු නායකයනුත් වැඩකරන ජනතාව වෙනුවෙන් අවංකව සිය යුතුකම හැකි උපරිමයෙන් ඉටු කරපු අය කියලා. මේ අයගෙන් වැඩිදෙනෙක් ජීවිතේ වැඩි කාලයක් ගතකරලා තියෙන්නෙ තම වෘත්තිය සඟයන්ගෙ අයිතිවාසිකම් දිනාගන්න. අදටත් ඔවුන්ගෙ සටන්කාමීත්වය තරුණයි. අපි දකිනවා මේ අය තමයි අදටත් කම්කරු සටන් බිමේ ඉදිරියෙන්ම ඉන්නෙ. වැඩකරන ජනතාව අද භුක්ති විඳින අයිතිවාසිකම් සහ වරප්‍රසාද බොහොමයක් මේ නායකයන්ගෙ කැපවීමෙන් ලබාගත් අයිතිවාසිකම් හා වරප්‍රසාද බව අමුතුමෙන් සිහිපත් කළ යුතු නැහැ.” යැයි ද අගමැතිවරයා එහිදී වැඩිදුරටත් කීය.

debt
රටේ ණය බර තවත් ඉහළට !
DiscoverHeat1
මේ උණුසුම අවදානම් !
How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි