වෘත්තීය සමිති විරෝධය නොතකා , තෙල් සංස්ථාව ප්‍රතිව්‍යුහගත කරයි !

Picture of පැතුම් වික්‍රමරත්න

පැතුම් වික්‍රමරත්න

ඛනිජ තෙල් සංස්ථාවේ වෘත්තීය සමිති එම සංස්ථාවේ යෝජිත ප්‍රතිව්‍යුහගතකරණ ව්‍යාපෘතියට විරෝධය දැක්වුවද එම ක්‍රියාවලිය අඛණ්ඩව ක්‍රියාත්මක කරන බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා පැවසීය.

ඛනිජ තෙල් සංස්ථාවේ යෝජිත ප්‍රතිව්‍යුහගතකරණ ව්‍යාපෘතිය පිළිබඳව එහි වෘත්තීය සමිති මීට පෙර දැනුවත් කළ බව කී අමාත්‍යවරයා විරෝධය පළකිරීමේ අයිතියට අභියෝග නොකළ ද ඛනිජ තෙල් සහ විදුලිබල යන ක්ෂේත්‍ර දෙකේම ප්‍රතිව්‍යුහගතකරණ ව්‍යාපෘති අඛණ්ඩව ක්‍රියාත්මක වන බව ද සඳහන් කළේය.