නවතම පුවත්

වෙනම ගමනක් යන්න ශ්‍රීලනිපේ ඉන්ටර්වීව් අද

Roshan

Roshan


ප්‍රබෝධා හෙට්ටිආරච්චි

ලබන වසර මුලදී පැවැත්වීමට නියමිත පළාත් සභා මැතිවරණය ඉලක්ක කර ගනිමින් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ දිස්ත්‍රික් සහ ආසන සංවිධායකවරුන් ලෙස සුදුසු මන්ත්‍රීවරුන් තෝරා ගැනීමේ පළමු සම්මුඛ පරීක්ෂණය අද (27) පක්ෂ ප්‍රධාන කාර්යාලයේදී ආරම්භ කිරීමට නියමිතය.

ඉදිරි මැතිවරණවලදී ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සමඟ සන්ධානගත නොවී වෙනම තරග කිරීමට ශ්‍රී ලනිපය උත්සාහ කරමින් සිටී. ඒ අනුව අද පැවැත්වෙන  දිස්ත්‍රික් සහ ආසන සංවිධායකවරුන් තෝරා ගැනීම සඳහා පංච පුද්ගල නිලධාරී මණ්ඩලයක් පත්කර තිබේ.

ශ්‍රීලනිප මහලේකම්, රාජ්‍ය අමාත්‍ය දයාසිරි ජයසේකර මහතාගේ ප්‍රධානත්වයෙන් යුත් මෙම මණ්ඩලයට පරිසර අමාත්‍ය මහින්ද අමරවීර, රාජ්‍ය අමාත්‍ය දුමින්ද දිසානායක, පාර්ලිමේන්තු මන්ත්‍රී ෂාන් විජයලාල් සිල්වා සහ ශ්‍රීලනිපයේ ජ්‍යෙෂ්ඨ උපදේශක මහාචාර්ය රෝහණ ලක්ෂ්මන් පියදාස ඇතුළත් ය.

ශ්‍රීලනිපයේ තනතුරු සඳහා සලකා බැලීම සඳහා දිස්ත්‍රික්ක 25 න්ම පක්ෂ ප්‍රධාන කාර්යාලයට අයදුම්පත් කැඳවා ඇති අතර අයදුම්කරුවන් 300 කට පමණ අද උදේ 9.00 ට පක්ෂ කාර්යාලයේ සම්මුඛ පරීක්ෂණ මණ්ඩලය හමුවේ පෙනී සිටින ලෙස දන්වා යවා ඇත.

“උගත් තරුණ තරුණියන්ට ප්‍රමුඛත්වය දීලා ආසන සංවිධායකවරුන් ලෙස පත් කරනවා. දිස්ත්‍රික් සංවිධායකවරුන් තෝරා ගැනීමේදී දේශපාලනයේ පළපුරුද්ද ද සලකා බලනවා. කෙසේ වෙතත්, දූෂණ චෝදනා, අපරාධ ක්‍රියා සහ උසාවි නඩුවලින් තොර සමාජය තුළ පවිත්‍ර චරිතයක් තිබීම ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ඕනෑම වගකිවයුතු තනතුරක් සඳහා තෝරා ගැනීමට ඇති ප්‍රථම සහ ප්‍රධානතම සුදුසුකම බව” ශ්‍රීලනිපය පවසයි.

debt
රටේ ණය බර තවත් ඉහළට !
DiscoverHeat1
මේ උණුසුම අවදානම් !
How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි