නවතම පුවත්

වෙනම දෙමළ අමාත්‍යාංශ එපා කියමින් ගුරු වැඩ වර්ජනයක්

අසංක

අසංක

ඌව පළාතේ පිහිටි දෙමළ පාසල්, දෙමළ අධ්‍යාපන අමාත්‍යංශය යටතේ කි‍්‍රයාත්මක වන ලෙසට බෙදා වෙන්කිරීම නීති විරෝධී බව ලංකා ගුරු සේවා සංගමය පවසයි.

එමෙන්ම දෙමළ අධ්‍යාපන අමාත්‍යංශය ද අධ්‍යාපන අමාත්‍යංශය යටතට පත්කළ යුතු බවත් එහි මහලේකම් මහින්ද ජයසිංහ මහතා කියාසිිටියේ ය.

සෙන්දිල් තොන්ඩමන් අමාත්‍යවරයා ඌව පළාතේ දෙමළ පාසල්වල සේවය කරන සිංහල ගුරුවරුන් ඉවත් කිරීමේ උත්සහායක නිරත බවත් එය ජාතිවාදී ක්‍රියාකලාපයක් බවත් හෙතෙමචෝදනා කරසිටියි.

අමාත්‍යවරයාගේ මෙම ක්‍රියාකලාපය සම්බන්ධයෙන් පියවර නොගතහොත් වෘත්තිය හා නෛතික ක්‍රියාමාර්ගවලට එළැඹීමට ලංකා ගුරුසේවා සංගමය සූදානම් වෙයි.

ඌව පළාතේ දෙමළ පාසල්වල සේවය කරන සියළු සිංහල ගුරුවරුන් ඉවත් කරන බවට සෙන්දිල් තොන්ඩමන් අමාත්‍යවරයා විසින් පසුගියදා කරන ප්‍රකාශයක් කර තිබුණි.

මේ අතර දෙමළ පළාත් හා කලාප අධ්‍යක්ෂකවරුන් පත්කර ගැනීමට සූදානම් වන බව ද වාර්තා වී ඇතැයි එම සංගමය හෙළිකර තිබේ.

මේ සම්බන්ධයෙන් ලංකා ගුරු සේවා සංගමය ජනාධිපතිවරයාට ලිඛිත දැනුවත් කිරීමක් සිදුකරන බව ද එම සංගමය පැවැසීය.

ඌව පළාත් අධ්‍යාපන අමාත්‍යංශය දෙමළ මුස්ලිම් සිංහල වශයෙන් නොබෙදා එක් අමාත්‍යංශයක් යටතට පත්කර ගත යුතු බව ලංකා ගුරු සේවා සංගමය වැඩිදුරටත් අවධාරණය කර සිටියි.

ෆාරුක් මජීඩ්

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්