නවතම පුවත්

වෙනස් කොවිඩ් ප්‍රභේද දෙකක් එකවර අයකුට වැළඳිලා

අසංක

අසංක

කොවිඩ් වසංගතය හඳුනාගත් දා සිට ලොව පළමු වතාවට එකවර වෙනස් කොවිඩ් ප්‍රභේද දෙකක් එකම පුද්ගලයකුට ආසාදනය වූ පුවතක් බෙල්ජියමෙන් වාර්තා වේ.

ඉකුත් මාර්තු මාසයේදී මරණයට පත් බෙල්ජියම් ජාතික වී 90 වියැති කාන්තාවකට එකවර බ්‍රිතාන්‍යයේ ඇල්ෆා සහ දකුණු අප්‍රිකාවේ බීටා කොවිඩ් ප්‍රභේද ද්විත්වය වැලඳී තිබු බව පරීක්ෂණවලින් අනාවරණය වී ඇත.

ඇය කොවිඩ් එන්නතක් ලබානොගත් අයෙක් වන අතර තම නිවස තුළ තනිව වාසය කළ සාත්තු සේවා ලබමින් සිටි කාන්තාවකි. ඇයට සාත්තු සේවාවට හෝ සහය සඳහා පැමිණි පුද්ගලයින් දෙදෙනෙකුගෙන් වෛරස ප්‍රභේද ද්විත්වය ආසාදනය වන්නට ඇති බවට අනුමාන කෙරේ.

කෙසේවෙතත් ඇයගේ ඔක්සිජන් මට්ටම හොඳ තත්ත්වයක තිබු බව ද පැවසේ. එහෙත් රෝහල්ගත කොට දින 5ක් තුළ ඇය මියගොස් ඇත.

එකවර පුද්ගලයෙකුට කොවිඩ් වෛරස ප්‍රභේද දෙකක් ආසාදනයවීම අතිශය විරල බවත් මෙලෙස කොවිඩ් වෛරස ප්‍රභේද දෙකක් එකම අයකුට එකවර වැළදූණු පළමු අවස්ථාව මෙය බවත් සෞඛ්‍ය විශේෂඥයෝ පෙන්වා දෙති.

පසුගිය ජනවාරියේදී ද පුද්ගලයන් දෙදෙනකුට වෛරස ප්‍රභේද දෙකක් වැළඳී ඇති බවට වන වාර්තාවක් බ්‍රසීලයේ විද්‍යාඥයෝ අධ්‍යයනයකදී අනාවරණය කර තිබුණි. එහෙත් එම අධ්‍යයන වාර්තාව තවමත් ප්‍රකාශයට පත්කර නොමැත.

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්