නවතම පුවත්

වෙල්ගම තේ වගා කරන්න ගිහින්

උමංග බණ්ඩාර

උමංග බණ්ඩාර

එන්.කේ.චන්ද්‍රපි්‍රය


දේශපාලනය තුළ පවතින කැළඹිලි සහිත තත්ත්වය සමනය වන තුරු තමන් දේශපාලනයෙන් තාවකාලිකව ඉවත්ව වගා කටයුත්තකට යොමු වූ බවත්, මේ වන විට මතුගම අක්කර 125 තේ වගා කිරීමේ කටයුත්තක නිරත වී සිටින බවත් පාර්ලිමේන්තු මන්ති්‍ර කුමාර වෙල්ගම පවසයි. අරුණ කළ විමසීමකදී ඔහු කියා සිටියේ ශක්තිමත් පොදු විපක‍ෂයක් නිර්මාණය කිරීම ඉතා වැදගත් කාරණයක් වුවද විපක‍ෂයේ පක‍ෂ අභ්‍යන්තරයේ පවතින ගැටුම් එම වැඩපිළීවෙල අඩාල කර ඇති බවයි. කෙසේ වෙතත් ශක්තිමත් පොදු විපක‍ෂයක් බිහි කිරීම සඳහා වූ තම අපේක‍ෂාව අත්හැර නොමැති බවද කුමාර වෙල්ගම කියා සිටියේය.

ඒකාබද්ධ විපක‍ෂය නිර්මාණය කිරීමේ කි්‍රයාවලිය හා මහින්ද රාජපක‍ෂ හිටපු ජනාධිපතිවරයාගෙන් උගත් පාඩම් උපයෝගී කර ගනිමින් වත්මන් රජයට එරෙහි පොදු විපක‍ෂයක් නිර්මාණය කිරීමේ කටයුත්තට නායකත්වය ලබාදෙන බවද ඔහු පැවැසීය. කෙසේ වෙතත් විපක‍ෂයේ දේශපාලන පක‍ෂ අතර පවතින ගැටළු හා අර්බුද විසදා ගන්නා තුරු ඒ සඳහා බලා සිටිමට සිදුව ඇති බවත්, අර්බුද හමුවේ පොදු විපක‍ෂයක් නිර්මාණය කළ නොහැකි බවත් ඔහු කියා සිටියේය.

එම කටයුත්ත සඳහා කාලය උදාවන තුරු තමන් මනස පිරිසිදු කිරීමටද හේතුවන වගා කටයුත්තකට යොමු වූ බවද කියා සිටි කුමාර වෙල්ගම පැවැසුවේ මතුගම ප්‍රදේශයේ තමන්ට හිමි අක්කර 125 ක තේ වැවීමේ දැවැන්ත කටයුත්තක් ආරම්භ කළ බවයි. ඇතැම්විට එය දේශපාලන වශයෙන් ලබාදෙන දායකත්වයට වඩා රටේ ආර්ථීකය ශක්තිමත් කිරීමට හේතුවන කි්‍රයාවලියක් බවද ඔහු වැඩිදුරටත් කියා සිටියේය.

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්