සිය නිවස ඉදිරිපිට මලපහ කරන සුනඛයකු සමග උරණ වූ විශ්‍රාමික ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරයෙකු වෙසක් පොහොය යෙදෙන අද දිනයේ කළ වැඩි තැබීමකින් සුනඛයා මියගොස් තිබේ.
මීගමුව පෙරියමුල්ල ප්‍රදේශයේදී මෙම වෙඩි තැබීම සිදුව ඇත.
සුනඛයාට වෙඩි තැබීමට යොදා ගත් බව කියන වායු රයිෆලයක් සමග විශ්‍රාමික ජේෂ්ඨ පොලිස් අධිකාරීවරයා අත්අඩංගුවට ගත් බව මීගමුව කොට්ඨාශය භාර ජේෂ්ඨ පොලිස් අධිකාරි සමන් සිගේරා මහතා සඳහන් කළේය.
සැකකාර පොලිස් අධිකාරිවරයා මීගමුව මහේස්ත්‍රාත් වෙත ඉදිරිපත් කිරීමෙන් පසු රුපියල් ලක්ෂ 5 ක ශරීර ඇප මත මුදාහැර ඇති අතර ලබන විසි වෙනිදා මේ සම්බන්ධයෙන් වන නඩුව කැඳවීමට නියමිත බව ඔහු වැඩිදුරටත් සඳහන් කළේය.