නවතම පුවත්

කොරෝනා පාලනය නොකළොත් මිලියන 3ක් මියයන බවට අනතුරු ඇඟවීමක්

අසංක

අසංක

කොරෝනා වෛරසයේ ව්‍යාප්තිය පාලනය කිරීම සඳහා ඉදිරි සති කිහිපය තුළ විධිමත් ක්‍රියාමාර්ගයන් නොගතහොත් අර්බුද හා ගැටුම් සහිත දිළිඳු රටවල් 34 ක, මිලියන තුනකට ආසන්න පිරිසක් මරුමුවට පත්විය හැකි බව ජාත්‍යන්තර ගලවාගැනීමේ කමිටුව ( International Rescue Committee ) අනතුරු අඟවා සිටී .

එසේම මෙම රටවල බිලියනයකට ආසන්න පිරිසකට කොරෝනා වෛරසය අසාධනය වීමේ අවධානමක් පවතින බවද එම ජාත්‍යන්තර කමිටුව සඳහන් කර ඇත.

ඇෆ්ගනිස්තානය , සිරියාව , යේමනය වැනි ගැටුම්කාරී හා ආර්ථික වශයෙන් පහල මට්ටමක පවතින රටවල් 34 ක් මෙහිදී එම කමිටුව විසින් හඳුනාගෙන ඇති අතර , මෙම රටවල ඉදිරියේදී කොරෝනා ව්යාප්තියා ඉතා වේගවත් විය හැකි බවටද එම ආයතන අනුමාන කර ඇත.

එවැනි රටවල් බොහොමයක කොරෝනා වෛරස ව්‍යාප්තිය තවමත් ඇත්තේ ආරම්භක අවස්ථාවේ වන බවත් එහි ව්‍යාප්තිය පුළුල් වීමත් සමග එම රටවල ජනතාවට අර්බුද රැසකට මුහුණදීමට සිදුවනු ඇති බවත් කමිටුව සඳහන් කර ඇත.

ඒ අනුව කොරෝනා වසංගතයට එරෙහිව සටන් වැදීම සඳහා මෙම රටවල්වලට ආධාර ලබාදීමට ජාත්‍යන්තර ප්‍රජාව එක්විය යුතුව ඇති බවද ජාත්‍යන්තර ගලවා ගැනීමේ කමිටුවේ සභාපති ඩේවිඩ් මිලිබෑන්ඩ් මහතා මාධ්‍ය වෙත සඳහන් කර ඇත.

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්